කුමාර වෙල්ගමට අල්ලස් නඩුවක්

Kumara welgamaමූල්‍ය අක්‍රමිකතාවක් සිදු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් වන කුමාර වෙල්ගමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් නඩු පවරා ඇත.

මෙම චෝදනාවට අදාළව පරික්ෂණ පැවැත්වීමෙන් පසුව කොමිසම විසින් වෙල්ගම මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත.

උප සභාපති නමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නොමැති තනතුරක් ඇති කර එම තනතුරට පත් කළ එල්.ඒ. විමලරත්න යන අයට වැටුප් වශයෙන් රුපියල් තිස්ලක්ෂ හතලිස් දෙදහස් තුන්සිය අසූ එකක මුදලක් ගෙවීම හිටපු ඇමතිවරයාට එරෙහිව වන චෝදනාව ය.

මෙවැනි සිදුවීම් ඉතා සුළු දේවල් ලෙස පෙනී යා හැකි ය. මන්ද මෙරට සිදු වූ හොරකම් යනු ආසියාවේ ද සිදු වූ ලොකුම හොරකම් යටතට ගැනෙන නිසා ය. කෙසේ වෙතත් නීලකාස හොරුන් හොරකම් කරන්නේ අල්ලන්නට හැකි ලෙස නොවේ. ශතයක් වුව ද වංචා කර ඇත්නම් එය වංචාවකි. දේශපාලනය ශිෂ්ට කරන්නට නම් මෙවැනි ක්‍රියාමාර්ග නිසැකව ම ගත යුතු ය.

එහෙත් එය සියල්ලන්ට ම පොදු විය යුතු අතර, විරුද්ධ පාක්ෂිකයන් මර්ධනයට පමණක් නොවිය යුතු ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *