කමෙන්ට් හමුදාවක්?

laptop-notebook-man-face-keyboard-screen-600x400දින කිහිපයක සිට ලංකාවේ බොහෝ වෙබ් අඩවිවලට අදාළ ව එකී වෙබ් අඩවිවල පළ වන ලිපිවලට ප්‍රතිචාර දැක්වීම සඳහා රාජපක්ෂවාදී කමෙන්ට් හමුදාවක් පත් කර ඇතැයි දැනගන්නට තිබේ. බොහෝ දෙනෙක් දන්නා පරිදි සමාජ ජාල සහ වෙබ් අවකාශයන් විවේචනය කළ ද මහින්ද රාජපක්ෂ සිය අවසන් ජනපති සටනේ සංවිධානාත්මක තොරතුරු තාක්ෂණ ඒකක කිහිපයක් නඩත්තු කළේ ය. වැටුප් ගෙවනු ලැබූ සේවකයන් ඒ සඳහා යොදාගත්තේ ය. බල පෙරලියෙන් පසු අරලිය මැදුරේ තිබුණු එවැනි ඒකකයන්හි තොරතුරු සහ ඡායාරූප පවා මාධ්‍යවල පළ විය.

කෙසේ වෙතත් මේ මෑත දින කිහිපයක සිට මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එරෙහිව පළවෙන වෙබ් ලිපි විවේචනය කරමින් ප්‍රතිචාර දක්වන්නත්, අනෙක් පාර්ශ්වයන් විවේචනය කරන්නටත් තොග වශයෙන් පිරිස් පැමිණෙනු දකිත හැකි අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ මේ වැහැරී යන රාජපක්ෂ කල්ලියේ සංවිධානාත්මක ක්‍රියාවලියක් බව ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.