ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් නුදුරේ?

Hands in Handcuffsපසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදු කෙරුණු ලද බරපතළ මූල්‍ය අපරාධ සහ ඝාතන ආදී වෙනත් බරපතළ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවට වූ පොරොන්දුව යහපාලන ආණ්ඩුව බලයට ඒමේ මූලික කොන්දේසියකි. එකී අපරාධයන්ට එරෙහිව කටයුතු කිරීමේ දී වූ ප්‍රමාදයන් සහ සමහර චෝදනාවන්ට ලක් වූවන් වෙත දක්වන ලද අනුග්‍රහයන් ගැන විවිධ විවේචන ද ආණ්ඩුව විෂයෙහි එල්ල වෙමින් තිබුණි.

දැන ගන්නට ලැබෙන පරිදි මෙකී බොහෝ චෝදනාවන්ට එරෙහිව පරීක්ෂණ අවසන්ව ඇති අතර, චෝදනාවට ලක් වූවන් නුදුරේ දී ම අත්අඩංගුවට ගැනීමට කටයුතු සූදානම් ව ඇත. මහා පරිමාණ මුදල් වංචාවන්ට සැක හිටපු ඇමතිවරුන්, නිලධාරින්, වසීම් තාජුඩින් ඝාතන සැකකරුවන් සහ වෙනත් ඝාතනවලට සැකකරුවන් ද මෙලෙස අත්අඩංගුවට ගන්නට නියමිතව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් දැනට ආණ්ඩුව බලයට පත් වී වසරක් ඉකුත්ව ඇතත් සැලකිය යුතු ක්‍රියාමාර්ග තම පොරොන්දුව වෙනුවෙන් ගෙන නැති බව කිව යුතු ය. මේ ක්‍රියාමාර්ග ගැනත් පුරෝකථන ඉදිරිපත් කිරීමට කාලය මඳ බැවින් අප අවදියෙන් බලා සිටිමු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.