බලධාරින් බුදි! දමයන්ති රට පනී!!

Damayanthiබරපතළ වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසම විසින් ඇවන්ගාඩ් සමාගම ගැන කළ පරීක්ෂණයේ ප්‍රබල සාක්ෂියක් සහ එම ගනුදෙනුවලට අනුබල දෙන ලදැයි චෝදනා එල්ල වූ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න විදේශගත වී ඇත.

ඉහත සිද්ධියෙන් පසු ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙත මාරු කර යවා තිබූ ඇය මේ වන විට සේවයට වාර්තා නොකරන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් විදේශ ගතවීමට අමාත්‍යංශයේ අවසර ඉල්ලා නැති ඇය විශ්‍රම ගැනීමට කැමැත්ත පළ කරමින් ලිපියක් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇත.

බරපතළ චෝදනාවලට අනුබල දුන් බවට සැක සහ සාක්ෂියක් වූ මෙවැනි අය මෙලෙස හීන් සීරුවේ විදේශගත වීම අරුමයකි. ඇවන්ගාඩ් සිද්ධිය දැන් යටගොස් ඇති අතර, එදා වැරදිකරුවන්ට දඬුවම් දෙන්නේ යැයි කෑකොස්සන් ගැසූ අය පුස්සන් සේ බලා හිඳිති. යහපාලනය ද වෙනත් මහින්ද පාලනයෙන් වෙනස් බව පෙන්වන එකදු හෝ නිදර්ශනයක් නැති බව පෙනී යන්නකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.