මානෙල් පිළී ගඳ ම ය!

Manel Bandraමහනෙල් සුවඳ ම ය
කුඩමසු පිළී ගඳ ම ය

යනුවෙන් කවියක කියවුණත්, මේ මානෙල් නම් පිළී ගඳ ඕසෙට වගුරුවා සිංගප්පූරු රටේ හිරබත් කන්නේ ය.

නිදාන කතාව මෙසේ ය. පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරු කලකට වරක් විවිධ රටවල සංචාර කරති. මහජන මුදලින් කෙරෙන මෙවන් සංචාර කුණු ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ වැඩමුළු ආදී නම් වලින් හැඳින්වෙන නමුත් ඇත්තට ම මේවා නම් විනෝද චාරිකා ය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකඟතාවයෙන් මේ ගමන් යන්නට දේශපාලකයෝ රුසියෝ ය.

මධ්‍යම පළාත් සභාවේ ද සන්ධාන – එ.ජා.ප මන්ත්‍රීවරු සිංගප්පූරු සංචාරයක් ගිය අතර, මහින්ද කල්ලිය නියෝජනය කරන සන්ධාන මන්ත්‍රී මානෙල් බණ්ඩාර ද ඉන් එක් අයෙකි. වාර්තා වන අන්දමට මේ මන්ත්‍රීවරයා සිංගප්පූරු කතකට ලිංගික හිංසන කර එරට පොලිස් අත්අඩංගුවට පත්ව දැනට සිරගත කර ඇත.

සිංගප්පූරුවට වසර 2500ක පෞඪ ඉතිහාසයක් නැත ද උන් සංවර්ධිත, නිදහස අගය කරනා ජාතියකි. එනමුත් නිදහස යනු වල් බූරු නිදහසක් නොවන බව මේ මෝල් වහන්සේලා තේරුම්ගන්නට ඇත.

ගැහැනුන් සිය ගණනක් දූෂණය කළ සාරුවා සුනිල් නම් පළාත් පාලන ආයතන සභාපති පාහරයා සාද පැවැත්වූයේ, විදෙස් කතක් දූෂණය කර ඇගේ පෙම්වතා මරා දැමූ සභාපති මැරයා සුවසේ සිටියේ ද මානෙල් බණ්ඩාරගේ දේශපාලන අප්පච්චිගේ කාලයේ ය. සිංගප්පූරුවේ නොවේ ය. මොහු පසුගිය පළාත් සභා මැතිවරණයේ දී මනාප ඡන්ද 24000ක් පමණ ලබාගත් අයෙකි.

තනපටයක් ගැන බොහෝ හැඟීම්බර ව කතා කළ ජනපතිවරයා තමා නායකත්වය දරන පක්ෂය නියෝජනය කරන මේ මන්ත්‍රීවරයා පිළිබඳව ගන්නා තීරණය ගැන අපි බලා සිටිමු!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.