ඇන්දෙන්න එපා!

Dont doපසුගිය දිනවල ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙනැයි කියමින් අන්තර්ජාලය හරහා ගී වීඩියෝවක් නිකුත් ව තිබුණි. එයින් මහත් කැළැඹීමට පත් වූයේ සයිබර් අවකාශය යි. රජ කට්ටු කිහිපයක් සහිතව ගෝත්‍රික සම්ප්‍රදායේ ගීයක් වූ එය නිර්මාණාත්මක වශයෙන් ද බෙලහීන එකකි. අප දන්නා පරිදි මෙවැනි රජුට ඇඳ ගැනීමේ මානසික අවපාතයක් තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂට ය. අප දන්නා පරිදි සහේලි ගමගේ නැමැත්තියක් ඔහුව රජුට අන්දවා ආයුබෝ වේවා මහරජාණෙනි යැ යි ගැයූ පසු ඇගේ නමින් මහරගම පැත්තේ පාරක් ද නම් කෙරුණි. මෙවැනි වන්දිභට්ටයන් හොඳට සිටින රාජ්‍ය නායකයන් රජුන්ට, දෙවියන්ට අන්දවා පඬුරු පාක්කූඩම් ලබාගෙන ඔවුන්ව ජනතාවගෙන් ඈත් කර විනාශ කර දමති. වරක් ජැක්සන් ඇන්තනි විසින් මහින්ද රාජපක්ෂ බුදුන්ගේ ඥාතියෙක් බවට පත් කළේ ය.

ඉතිහාසයේ රජුන්ට සීතාම්බර පට සළු පෙරෙව්වේ ද එවැන්නෝ ය.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදය සහිත ලොවක සිට වැඩවසම් රජ යුගයකට යන්නට කිසිවෙක්ට පිස්සුවක් නැති බැවින් මහින්දට ඉතා වේලාසනින් වේදිකාවෙන් බැස යන්නට සිදු විය. දැන් මහින්දව ඇන්දවූ පිරිස ම මෛත්‍රීපාල ජනපතිවරයා ද අන්දන්නට කැසකවනු පෙනේ. අනුර මාධවලාගේ, අරෝෂලාගේ, අමිල තේනුවරලාගේ පැටිකිරිය අපි කියන්නට නොයමු. ඒවා ද දැනගන්නට අවැසි නම් අපිට කියන්නට ද හැකි ය.

තාරපාරවල් වල අසුන් පිට රජුගේ පයින්ඩකරුවන් යන, අතරමග වෑන්, ත්‍රිරෝද නවත්වා ඇති එම ගොබ්බ වීඩියෝව තම නිල වීඩියෝවක් නොවන බවත් තමාට එහි සම්බන්ධයක් නැති බවත් ජනපති ලේකම් කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ජනපතිවරයාට අපි කිව යුතු දේ නම්, නියම ගාණ මිම්මට අන්දන්නට ඇඳුම් මසාගෙන මෙවැනි වන්දිභට්ටයන් නැතක් තව ඉදිරියටත් එනු ඇත. කරුණාකර ඇන්දෙන්න නම් එපා!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.