වෛද්‍ය පාදෙනිය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එකඟ වෙලා ද?

Padeniyaආන්දෝලනයකට ලක්ව ඇති සහ විවිධ විරෝධතා එල්ල වී ඇති මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඔහුගේ එම ප්‍රකාශයේ එක් තැනක මෙසේ සඳහන් ව ඇත.

“ගරු අග‍්‍රාමාත්‍යතුමාත්, මමත්, මලික් සමරවික‍්‍රම ඇමැතිතුමත්, සෞඛ්‍ය ලේකම් තුමත්, භාණ්ඩාගාර ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සමග අරලියගහ මන්දිරයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප‍්‍රධාන නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡා කළා. එහිදී වැටුප් ගැන, වැටුප් තල ගැන කථා කළා. එකට හතරේ අනුපාත වෙනස්වීම යන කරුණූ පිළිබඳව. ඒ පිළිබඳව අපි කිවුවා වැටුප් කොමිසමට කථා කරලා ඒ පිලිබද කාරණා ඉදිරිපත් කරනවා කියලා. ඒ වගේම වාහන බලපත‍්‍රය ගැන කථා කළා. එතෙක් පළවෙනි බලපත‍්‍රය අවුරුදු 05 කින් සහ ඊට පසු බලපත‍්‍ර අවුරුදු 10 කින් ලබාදීමටත් තීන්දු කළා. ඒත් එක්කම විශ‍්‍රාම යන වෙලාවට දෙන වාහන බලපත‍්‍රය ගැනත් කථා කළා.

ඒ වගේම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන කථා කළා. ඔවුන් පැහැදිලිවම කිවා ඔවුන් ප‍්‍රතිපත්තියක් වශයෙන් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට විරුද්ධ නැහැ කියලා. මොකද, වෛද්‍යවරු දෙකට බෙදිලා ඉන්නේ මේ ප‍්‍රශ්නය පිළිබඳව. කොටසක් කැමැතියි කොටසක් අකමැතියි ඒ නිසා විශාල කොටසක් කැමැති නිසාත්, වෛද්‍ය අනුරුද්ධ පාදෙනියගේ ප‍්‍රතිපත්තියත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබිය යුතුයි කියලා. නමුත් ඒවායේ තත්ත්වය පිළිබඳ තමයි ඔවුන්ට තිබෙන ප‍්‍රශ්නය.”

රාජිත සේනාරත්න ඇමතිවරයා විවිධ අවස්ථාවල විවිධ ප්‍රකාශ කරන අතර ඒවා බැරෑරුම්ව ගන්නට අප කල්පනා කරන්නේ නැත. මන්දයත් පසුගිය වකවානුවේ ඔහු විසින් කරන ලද ප්‍රකාශ පුස් බවට පත් වූ නිසා ය. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය මදක් බැරෑරුම්ව ගත යුතු ය. පෞද්ගලික වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සැබැවින් ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් එකඟතාවකට ඇවිත්දැයි යන්න අපි නොදන්නෙමු. එසේ වුවත් එය ඔවුන්ට පමණක් තීරණය කළ හැක්කක් නොවන බව අපි කල්පනා කරමු. ජන ජීවිතවලට ඍජුව බලපාන්නාවූ කරුණක් බැවින් එය මහජන කතිකාවක් හරහා තීන්දු කළ යුත්තකි.

මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අදහස ද ඉක්මනින් මෙහි පළ කරන්නට අදහස් කරමු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.