ඥානසාර හිමිට වසර 07 ක සිරදඬුවමක් දිය හැකියි!

Gnanasara 2

පසුගිය දා හෝමාගම අධිකරණයේ දී ගලගොඩඅත්තේ ඥානසාර හිමි කලහකාරී ලෙස හැසිරීමත් අධිකරණයට අපහාස කිරීමත් ආදී කරුණු කිහිපයක් නිසා ඒවාට නඩු පැවරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

අධිකරණයට අපහාසවන ලෙස හැසිරීමෙන් පසුව, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩට ඥානසාර හිමි විසින් බැණ වැදී ඇත. උසාවියට අපහාස කිරීමේ චෝදනාව නැතත්, පවතින් නඩු කටයුත්තකදී 2004 අංක 04 දරන සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පණත යටතේ වසර 07 ක් දක්වා සිරදඬුවම් ලබා දිය හැකි ය.

අධිකරණයට අපහාස කිරීම බරපතළ චෝදනාවකි. එය අධිකරණය, නීතිය සහ යුක්තිය පසිඳලීම පිළිබඳව වන ආයතන ගැන ජන විශ්වාසය සම්බන්ධ යමකි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් එස්.බී.දිසානායකට ඇමතිවරයා ද සිරගතව සිටියේ ය.

අධිකරණ පද්ධතිය පිළබඳව දිගින් දිගට ම පසුගිය රජය සමයේ දී ජනතා විශ්වාසය බිඳ දැමුණු බව නොරහසකි. එවක ක්‍රියාත්මක වූයේ ලොකු එකාට නැති පොඩි එකාට ඇති නීතියකි. නීතිය ඉදිරියේ සියල්ලන් සමාන බව ඇත්තක්දැයි දැන් බලාගත හැකිවනු ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.