ගෝඨාභය ගුවන්තොටුපොළට අයත් ඉඩමක් අල්ලාගෙන!

gotabaya-rajapaksa-2හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් කටුනායක 18 කණුව ප්‍රදේශයේ ඇති ගුවන්තොටුපොළට අයත් ඉඩමක් තමාගේ නමට පවරාගෙන ඇතැයි ආරංචි මාර්ග හෙළිකරයි.

ඉතා ඉහළ වටිනාකමකින් යුත් මේ ඉඩම ගුවන්තොටුපොළට අයත් එකක් යැයි ගුවන්තොටුපොළ ලියවිලි අනුව සඳහන් කෙරුණ ද ඉඩම් දෙපාර්තමේන්තුවේ ලිපිගොනුවල එය ගෝඨාභයට අයත් බව සඳහන්ව ඇත. පසුව සොයා බැලීමේ දී හෙළි වූයේ එය ගෝඨාභය විසින් පවරාගෙන ඇති බවයි. අක්කර 03ක ඉඩමක් වන එහි ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක සමාගමක නිලධාරින් ද යොදවා තිබී ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද පසුගිය කාලයේ දී බරපතළ පරිහාණිය වෙත ගමන් කරන ලද අතර එහි සභාපතිවරයා වූයේ ගෝඨාභයගේ ඥාතිවරය නිශාන්ත වික්‍රමසිංහ නමැත්තායි. මේ ඉඩම් පැවරුම කෙසේ වන්නට ඇති දැයි දැන් සිතා ගත හැකි ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.