හඬුගඳ බෙදූ හඩ්සන්ට වැඩ වරදියි ද?

Hudsonමහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ධුරය දැරුවේ හඩ්සන් සමරසිංහ ය. අතිශය කුප්‍රකට ඉතිහාසයක් හිමි හඩ්සන් සමරසිංහ සහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් සමන්ත වැලිවේරිය තම බලය අයුතු ලෙස යොදාගෙන ගුවන්විදුලියේ මුදල් අපහරණයට ලක් කර ඇති බවට එහි සේවකයින් විසින් පොලිස්පතිවරා වෙත කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුවෙයි.

ගුවන්විදුලියේ නව අධ්‍යක්ෂ ‍ජෙනරාල් වෙත නියෝගයක් නිකුත් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ, ඒ ගැන ඇති තොරතුරු සහ ලියවිලි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරදෙන ලෙස යි.

හඩ්සන්ට වැඩ වරදියි ද? යනුවෙන් ප්‍රශ්නාර්ථයක් යොදන්නට සිදු වූයේ වංචා දූෂණ සිදු කළ කිසිවෙක්ටවත් මේ වන තෙක් වැඩ වැරදී නැති නිසා පමණක් නොව යහපාලන ආණ්ඩුවේ නිලතල ද ලැබෙමින් යන නිසා ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.