අශ්ලීල කෘති

Lokawalokana artඅශ්ලීල ප‍්‍රකාශන සහ කාමුක දර්ශන සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ පසුගිය දිනවල දී කථා බහක් ඇති විය. ඊට හේතු ලෙස එක්තරා තනපට සිද්ධියකුත් සිප ගැනීමේ දර්ශන සහිත ගීත වීඩියෝවකුත් පාදක විය. අශ්ලීල කෘති (pornography) පිළිබඳ ව අප වැනි ආසියාතික සමාජවල පමණක් නොව බටහිර සමාජවල ද ගැඹුරින් සාකච්ඡාවකට ලක් වන්නකි.

අශ්ලීලත්වය යනු නිර්වචනය කර ගත නොහැක්කකි. එය කලින් කලට රටින් රටට වෙනස් වන්නකි. 18-19 ආදී සියවස්වලත් 20 වැනි සියවසේ මුල් භාගයේ දී ලංකාවේ උඩුකය නිරුවත් ගැහැනු ලංකාවේ උන්හ. ඔවුහු බොහෝ විට සිය කුල ගෝත චාරිත අනුව උඩුකය වසා නොගත්හ. විශේෂයෙන් රොඞී කාන්තාවෝ උඩුකය නොවැසූහ. එය කිසිවෙකුත් අශ්ලීල යැයි නොසිතූහ. එබැවින් අශ්ලීලත්වය යනු වටිනාකම් පද්ධති අනුව කලින් කලට වෙනස් වන්නකි.
අශ්ලීල කෘති සඳහා යෙදෙන (pornography)යන ඉංගීසි වදන පැරණි ගී‍්‍රක භාෂාව ඇසුරින් ගොඩැනඟුණකි. ගණිකාවන් පිළිබඳ කෙරෙන රචනාව චදරබදටර්චයහ යන්නෙහි සම්භාව්‍ය අර්ථයයි. ගී‍්‍රක භාෂාවේ ගණිකාව සඳහා යෙදෙන පෝර්නේ (πόρνη) යන යෙදුමත් රචනාව සම්බන්ධයෙන් යෙදෙන (γράφειν ) යෙදුමත් ඇසුරින් අශ්ලීල කෘති සඳහා වන මූලික අර්ථය ලැබිණ.

අශ්ලීල කෘති පිළිබඳ ඉතිහාස කථාව ශිෂ්ටාචාරයට වඩා පැරණි යැයි ඇතැම් විද්වතෙක් සඳහන් කරයි. ගල්ලෙන්වල ඇති ප‍්‍රාග් ඓතිහාසික චිතවල ලිංගික චර්යා සහිත චිත දක්නට ලැබේ. එහෙත් නූතන අර්ථයෙන් එන අශ්ලීල කෘති පිළිබඳ සංකල්පය ගොඩනැගෙන්නේ වික්ටෝරියානු යුගයෙන් පසුවයි. ප‍්‍රංශ ධාරණාවාදී චිත ශිල්පියෙකු වූ එඩුවර්ඞ් මැනට් (Édouard Manet&) විසින් අඳින ලද ඔලිම්පියා නම් නිරුවත් චිත‍්‍රය සම්බන්ධයෙන් එවක සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති විය. 19 වැනි සියවස වන විට යුරෝපය තුළ අශ්ලීල කෘති යැයි සැලකිය හැකි ලිංගික දර්ශන හෝ අන්තර්ගතයන් සහිත කෘති නීතියෙන් තහනම් කෙරිණ. එවැනි කෘති සහිත කඩසාප්පු ආදිය විනාශ කිරීමට නීතියෙන් බලය ලැබිණ.

අශ්ලීල ප‍්‍රකාශන තහනම් කරමින් එංගලන්තය විසින් මුල් වරට පනතක් සම්මත කර ගන්නා ලද්දේ 1857 වර්ෂයේ දී ය. 1873 වර්ෂයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ කොම්ස්ටොක් පනත මඟින් සිදු වූයේ ද මෙවැන්නකි.

නිල් චිත‍්‍රපට නිර්මාණය “චලන චිත‍්‍ර” ලෝකයට හදුන්වා දුන් මුල් කාලයේ දී ම සිදු විය. චලන චිත‍්‍ර ලෝකයට හදුන්වා දීම සිදු වූයේ 1895 වර්ෂයේ දී ය. මේ යුගයේ දී නිල් චිත‍්‍රපට බෙදා හැරීම ඉතා රහසිගත ආකාරයෙන් සිදු විය. අපරාධ වරදක් වශයෙන් තිබූ අශ්ලීල කෘති නිර්මාණය නීති පොතෙන් ඉවත් කිරීම මුල් ම වරට සිදු කළේ ඩෙන්මාර්කයයි. ඒ 1969 වර්ෂයේ දී ය. නිල් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ ආයෝජනය කිරීමටත් වාණිජ කර්මාන්තයක් ලෙස එය කි‍්‍රයාත්මක කිරීමටත් ඉන් ඉඩ සැලසිණ.

ගිනිකන්දකින් යට වූ පොම්පෙයි නරගයේ සිදු කෙරුණු කැනීම්වල දී විවිධ ලිංගික දර්ශන සහිත මූර්ති ආදිය හමුවන්නට විය. රෝම ශිෂ්ටාචාරය තුළ පැවති නිදහස් ලිංගික ප‍්‍රකාශන පිළිබඳ සංස්කෘතිය වික්ටෝරියානුවාදීන් තිගැස්මකට ලක් කරන්නක් විය. එය යුරෝපීය ශිෂ්ටාචාරය දෙස නැවත වෙනස් දෘෂ්ටියකින් බැලීමට මඟ හෙළි කළේය.

ජීන් ගැග්නොන් පවසන පරිද්දෙන් අශ්ලීල කෘති යනු මිනිසුන් විසින් තමන් පරිභෝජනය කරන්නේ ෆැන්ටසියක් බව දැන දැන ම ඊට ආසක්ත වන්නකි. තමන්ට ලිංගික මාර්ගෝපදේශ ලබා ගැනීම සඳහා අශ්ලීල කෘති නරඹන්නේ නම් ඒ ස්වල්ප දෙනෙකි. ලිංගික ෆැන්ටසි ලෝකයක් තුළ සහභාගීකරුවෙකු වීමේ වුවමනාව මත බොහෝ දෙනෙක් නිල් චිත‍්‍රපට වැනි අශ්ලීල කෘති පරිශීලනය කරති.

ජීවිතයේ ඇති සැබෑ තත්ත්වයෙන් මිදීමට මෙම ෆැන්ටසි ලෝකයේ දී ඔවුන්ට ඉඩ සැලසේ. එනම් සැබෑ ලෝකයේ ඇති වගකීම් සහිත බවින් ඔවුහු මිදෙති. සැබෑ ලෝකයේ දී මෙන් ලිංගික කාර්යය තුළ සාර්ථක වීමේ හෝ පරීක්ෂණයට ලක් වීමේ කොන්දේසියකට ඔවුහු යටත් නොවෙති. තමන්ට දෛනික ජීවිතයේ දී ඇති කෙරෙන බාධක තත්ත්වයන්ගෙන් මිදී තාවකාලික සහ ප‍්‍රසන්න (momentary and pleasant) වූ ලෝකයක් කරා පළා යෑම මෙහිදී අපේක්ෂිතයි.

අශ්ලීල කෘති කලාත්මක ස්වරූපයක් වශයෙන් හඳුනාගන්නා පිරිසක් ද වෙති. පීටර් මයිකල්සන්ගේ අදහස අනුව අශ්ලීල කෘති මඟින් පිළිඹිබු වන්නේ ලිංගිකත්වය පිළිබඳ මිනිසුන්ගේ පුරාකෘතික බැඳියාවයි. එනම්, ලිංගිකත්වය සම්බන්ධයෙන් මනුෂ්‍ය සමාජයක් තුළ සංකේතීය වශයෙන් ව්‍යුත්පන්නව ඇති ඡුායාමය දෘෂ්ටියේ (imagery) පිළිඹිබුවකි.

ඒක පුද්ගල චෛතන්‍යය (psyche)ත් ලිංගික අවශ්‍යතාවක් අතර පෞද්ගලික ඝට්ටනය ලෙස අශ්ලීල කෘති පරිභෝජනය හඳුනා ගත හැකි බව මයිකල්සන් පෙන්වා දෙයි. සමාජ දර්ශනයන් (social philosophy) තුළ දී විශේෂයෙන් ම ස්තී‍්‍රවාදය තුළ දී අශ්ලීල කෘති සඳහා න්‍යායික ප‍්‍රහාරයක් එල්ල වෙයි. එනම්, අශ්ලීල කෘති තුළින් මිනිසුන් වාස්තවීකකරණයකට (Objectification) ලක් කෙරෙන බව මෙහිදී නැගෙන චෝදනාවයි. නිල් චිත‍්‍රපට ආදී අශ්ලීල කෘති තුළ සිටින්නේ මේස, පුටු වැනි භාණ්ඩ හැර තවත් මිනිසුන් පිරිසක්ය යන සංකල්පය අමතක කෙරෙන බව මෙවැනි විවේචනවල දී සඳහන් වෙයි. ඇමරිකානු මහාචාර්යවරියක වන මාතා නුසබම් සඳහන් කරන ආකාරයට වාස්තවිකකරණයට ලක් වූ පුද්ගලයෙකු වෙත ආරෝපණය කෙරෙන ලක්ෂණ කිහිපයක් වේ. උපකරණත්වය (Instrumentalit) ඉන් එකකි. කිසියම් පුද්ගලයෙකු තවත් අයෙකුගේ වුවමනාවක් වෙනුවෙන් මෙවලමක් ලෙස සැලකීම උපකරණත්වය යන සංකල්පයෙන් හැඟවේ. වාස්තවිකකරණයට ලක් වන පුද්ගලයාගේ ස්වීය බව උල්ලංඝනය කිරීම (Denial of autonomy) අනෙකයි. අනෙක නම් වාස්තවිකකරණයට ලක් වන පුද්ගලයා කුසීත යැයි (Inertness) සිතීමයි. එනම් එම පුද්ගලයාට කාරකත්වයක් නැතැයි විශ්වාසය කෙරේ (lacking in agency.)

ස්කොට් ජී. මැක්නොල් (Scott G. McNall) වැනි මාක්ස්වාදී චින්තකයන් සඳහන් කරන්නේ අශ්ලීල කෘති තුළ දී කාන්තාවන් යනු පහසුවෙන් ළගා කර ගත හැකි භාණ්ඩ බවට ඌනනය කෙරෙන බවයි. එසේම කාන්තාවන් යනු කාමරාගී (animalistic)කොටසක් ලෙස අශ්ලීල ප්‍රකාශනවල දී පෙන්වා දෙන බව මැක්නොල් සඳහන් කරයි. ඒ තුළින් කාන්තාවන් වෙළඳභාණ්ඩ බවට පත් කිරීමට පහසුවෙන් හැකි වෙයි. එය අවසන් වශයෙන් සූරා කෑම දක්වා ලඝු වන බව මාක්ස්වාදී චින්තකයන්ගේ අදහසයි .

මැක්නොල් සිය “Pornography – The Structure of Domination and the Mode of Reproduction” කෘතියේ දී පෙන්වා දෙන පරිදි අශ්ලීල කෘතිවල දී ලිංගිකත්වය යනු පිරිමියාගේ අධිකාරිත්වයට යටත් වූ දෙයක් ලෙස පෙන්වා දෙනු ලබයි. එම කෘතිවල දී තමන් ලිංගිකව එක් වන්නේ කා සමග ද කුමන අවස්ථාවේ ද යන්න බොහෝ විට තීරණය කරනු ලබන්නේ පිරිමින් විසිනි. නිල් චිත‍්‍රපටවල දී කාන්තාවන් එක්වර පිරිමින් කිහිප දෙනෙකු සමග ලිංගික කාර්යයේ යෙදෙන බව පෙනී යයි. එය සිදු වන්නේ බොහෝ විට පිරිමි වුවමනාවක් මත බව මැක්නොල්ගේ තර්කයයි. ගැහැනිය යනු කිසිදු අයිතියක් නැති ස්වීයත්වයක් නැති දෙයක් බවට ඌනනය කෙරෙයි. තමන්ගේ ප‍්‍රජනන පද්ධතිය සම්බන්ධයෙන් නිල් චිතපටයක දී ගැහැනියකට කිසිදු පාලන අයිතියක් නොමැත. සම්පූර්ණයෙන් දුරස්ථීකරණය කරන ලද සත්ත්වයෙකු (alienated being)ලෙස ගැහැනිය සමග ඉතා වාස්තවික ආකාරයේ ගනුදෙනුවක් අශ්ලීල කෘතිවල දී සිදු වෙතැයි මාක්ස්වාදී විචාරකයෝ පවසති.

අශ්ලීලත්වය සම්බන්ධයෙන් ඇති ගැටලුව සත්‍ය වශයෙන් ම සංකීර්ණ වූවකි. එහි බොහෝ පැතිකඩ තිබේ. අයිතිවාසිකම් උල්ලංඝනය වීම් මෙන්ම අයිතිවාසිකම් රැුකීම් තිබේ. එබැවින් අශ්ලීලත්වය පිළිබඳ ගැටලූව හුදෙක් සුදු සහ කළු වශයෙන් බෙදා වෙන් කර විසදා ගැනීමට නොහැකිය.

-දර්ශන අශෝක කුමාර-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *