නව සහෝදර සමාගම කුජීත වෙයි!

arjuna-ranathungaක්‍රිකට් පාලක මණ්ඩලයේ බලය අල්ලාගන්නට කැස කැවූ අර්ජුන රණතුංග ඇමතිවරයාගෙ සහෝදර සමාගම කුජීත වී ගියේ ය. රාජපක්ෂ සහෝදර සමාගම නිසා මුළු රටක් විඩාපත්ව සිටිය දී එය විවේචනය කරමින් බලයට ආ අර්ජුන කළේ තමන්ගේ ම වූ සහෝදර සමාගමක් නිර්මාණය කිරීම ය.

එහි අලුත් ම තුරුම්පුව වූයේ ක්‍රිකට් නිලවරණයට අර්ජුන සහ නිශාන්ත රණතුංග දෙබෑයෝ තරඟ කිරීමයි. එක් ක්‍රීඩා සංගම් නිලධාරියෙකුට පහර දුන්නා යැයි නිශාන්ත රණතුංගට චෝදනාවක් ද එල්ල විය. කෙසේ වෙතත් නිලවරණයේ දී රණතුංගලා පරාජය වී තිලංගලා ජය ගත්තෝ ය. අප දන්නා පරිදි ක්‍රීඩා පණතට අනුව සූදු ව්‍යාපාරයන්ට සම්බන්ධ වූවන්ට මෙබඳු නිලතල දැරිය නොහැකි වුවත් තිලංග පත් වී ඇත.

අර්ජුනගේ ව්‍යාපෘතිය පරාජය වූ අතර ඔහු මාධ්‍යයට කළ ප්‍රකාශය දුටහොත් ක්‍රිකට් සම්බන්ධව ඔහුගේ අධිපති මතය දැනගත හැකි ය.

අර්ජුන පමණක් නොව අනෙක ඈයින් ද තේරුම්ගත යුතු වන්නේ ජනතාව එක් සහෝදර සමාගමක් එළවා දැමුවේ තවත් කිහිපයක් රජකරවන්නට නොවන බව ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.