නව පක්ෂය බිහිවෙන ලකුණු!

Gotas 2ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ දමමින්, දේශපාලන අනාථයන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර වැන්නන් විසින් ගෙන යන ලද නව පක්ෂයක් පිහිටුවීමේ වෑයම සාර්ථක වන ලකුණු දැන් පෙනෙන්නට තිබේ.

අාගමික කටයුත්තකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය ඇමතූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍ය අමතා ජනතා සිතුම් පැතුම් අනුව නව පක්ෂයක් බිහි කිරීමට කාලය එළැඹී ඇති බව කියා තිබේ. කෙසේ වෙතත්, නව පක්ෂයක් බිහි කරන්නට විලි ලන ලකුණු පසුගිය දින කිහිපයේ ම දකින්නට ලැබුණේ ය. සිංහලේ නමින් තවත් ජාතිවාදී සංවිධානයක් කලඑළි බැස්ස අතර බොදු බල සේනාව ද නීතියට අභියෝග කරමින්, ඥානසාර රක්ෂිත බන්ධනාගාර කරගත්තේ ය.

යහපාලන නමින් පත් වූ රජය පත් වී අවුරුද්දකට වඩා ගෙවී තිබුණ ද, ඉකුත් පාලන සමයේ කරන ලද වංචා, දූෂණ හෝ ඝාතන කිසිවක් සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවටවත් ගෙන නැති සන්දර්භයක මේ පක්ෂය බිහි වනු ඇති අතර තමන් කිසිදු වරදක් නොකළ බව කියමින් මොවුන් ඉදිරියේ දී වේදිකා දෙවනත් කරනු ඇති.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.