මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසන – තව මොන කතා ද?

dogs+barking
රටක් පාර්ලිමේන්තුව යනු එරටෙහි උත්තරීතර ම ආයතනය තුනෙන් එකකි. එයින් සිදු කෙරෙන්නේ නීති සම්පාදනය යි. රටේ මූලික නීතිය වන ව්‍යස්ථාව ද සම්පාදනය වන්නේ එතැනිනි. එය ගරු කටයුතු, ගාම්භීර ස්ථානයක් ලෙස පෙර කළ පැවතිණි. දේශපාලන මතිමතාන්තර කවරක් වුව ද 1977ට පමණ පෙර කාලයේ එහි සිටියෝ ප්‍රබුද්ධයෝ ය. ආචාර්ය උපාධි, විදෙස් අධ්‍යාපනය ඔවුනට තිබුණු අතර ඔවුන් සාරයක් සහිත මිනිසුන් වූහ. එසේ පොතේ උගත්කම නැතිව මන්ත්‍රණ සභාවට පත් වූවෝ සිටිය ද ඔවුන්ගේ විචාර බුද්ධිය මුවහත් විය. සමාජ ඥානය තියුණු විය. ජනයා අතර අති සම්භාවනවට පත් වූවෝ වූ හ.

සිංහල/ඉංග්‍රීසි භාෂා දෙක ම චතුර ලෙස උසුරුවන්නට හැකි වූ මේ මහජන නියෝජිතයෝ සිය මන්ත්‍රණ සභා කතාවලින් පෙළහර පෑවේ කලක් යනතුරු මිනිසුන්ට අමතක නොවන පරිද්දෙනි. නිතර පොත් පත් කියවූ ඔවුන් පිරුණු මිනිසුන් වූ හ. දේශපාලන මති මතාන්තර අනුව ඔවුන් කෙරෙහි අපිට විවේචන ඇති මුත්, ඔවුන් ගොබ්බයන් නොවූ බව කිය යුතු ය.

1978 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු සියලු පරාමිතීන් බිඳී ගිය අතර, හොරු, මංකොල්ලකරුවන්, ස්ත්‍රී දූෂකයන් පාර්ලිමේන්තුගත විය. මනාප ඡන්ද ක්‍රමය යටතේ මුදල් ඇති නම් ප්‍රචණ්ඩත්වය හරහා මහජන නියෝජිතයන් බවට පත් වන්නට ඔවුන්ට හැකි විය. කලු නික වැනි මහත්මා ගති ඇත්තන් කිහිප පොළක් සිටිය ද පසුව ඔවුන් ද නරාවල තුළ ගිලී ගියෝ ය.

පසුගිය දා ආරංචි වූයේ, පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන්ට ලිංගික හිංසන සිදුවන බව ය. රටේ නීති සම්පාදනය කරන තැන තත්වය මෙසේ නම් ඒ නීතියට යටින් ජීවත්වන ජනතාව ගැන කවර කතා ද? (මේ මන්ත්‍රීවරියන් ද වත්මන් මනාප ක්‍රමය යටතේ ම පත් වූ බව සිහිකළ යුතු ය.)

සාමාන්‍යයයෙන් ලිපියක් සමඟ අප පළ කරන්නේ සේයාරුවක් පමණක් වුව ද මෙහි අජිත් කුමාරසිරි නම් පරිධියේ ගායකයා ගයන රැඩිකල් ගීතයක් ද යෙදුවෙමු. හැකිනම් රස විඳින්න!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *