මේ වතාවෙත් නයා එයි ද?

rohithaරෝහිත සල්ලි කෑව බව අල්ලස් කොමිසම කිව්වේ ය. කොමිසමට එන්න කිව්ව විට නයා කෑව බව රෝහිත කිව්වේ ය. මේවා සිදු වුණේ මහින්ද රාජපක්ෂගේ ආශ්චර්ය ආණ්ඩු සමයේදී ය.

ඒ අල්ලස් කොමිසමෙන්ම යළිත් රෝහිතට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත. ඒ වසර දෙකක දී අල්ලස් මගින් ලක්ෂ 412ක් උපයා ගත්තා කියන චෝදනාවට ය. මේ වතාවේ රෝහිත කන්නේ මොන නයා දැ යි අපි දන්නේ නැත.

ඇයි ද කියනවා නම් ජනතාවට පෙනෙන්නේ අල්ලස් කොමිසමට යනවා පමණක් වන නිසා ය. එතනින් එහාට වෙන දෙයක් පෙනෙන්නේ නැත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.