ලැජ්ජයි! මධුමාධව ලැජ්ජයි !!

madhu maමධුමාධව අරවින්ද යනු කලෙක ගායකයෙක්ව සිටි දැන් දේශපාලකයෙක්(ජාතිවාදී) යැයි සිතා සිටිනා අයෙකි. අනන්‍යතා අහිමි වූ මිනිසුන් සෑම විට ම පාහේ තම ජාතිය උසස් යැයි කියමින් ජාතිවාදයේ සරණ යති. බලය පිළිබඳ සාධකයේ දී කිසිදු සදාචාරාත්මක කොන්දේසියක් නොසලකන මේ වැනි පුද්ගලයින් අති භයානක ගණයේ ලා සැලකිය යුතු ය.

කෙසේ වෙතත්, පසුගිය රාජපක්ෂ සමයේ වන්දිභට්ටකම් කරමින් බොහෝ දේවල් දිනාගන්නට උත්සාහ කළ මධුමාධව තම ප්‍රතිරූපය නංවා ගන්නට අනුන්ගේ දුක විකුණන් කන්නට පසුබට නොවන බව පෙන්නුම් කළේ වරක් දෙවරක් නොවේ.

නාමල් උඩුගම රෝගී වූ අවස්ථාවේ ද මහා සද්දයෙන් ඒ ගැන කතා කළ මධුමාධව හඬ තරම් වැඩ පෙන්වූයේ නැති බව සහතික ඇත්ත ය. දැන් ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායකයා රෝගී වී ඇති අතර මධුමාධවට අවස්ථාව එළඹී ඇත. ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ ලෙඩ ඇඳ අසල හිඳ පින්තූර ගසාගෙන සමාජ ජාල හරහා ප්‍රතිරූපයක් වෙනුවෙන් ඒවා විකුණන මධුමාධව සහ කුළියට හඬන්නන් අතර ද වෙනසක් ඇත්තේ කුලියට හඬන්නන් එය කරන්නේ කුසගිනි නිවාගැනීමට පමණක් ම වන නිසා ය.

මිනිසකුට නිර්ව්‍යාජව උදව් කිරීමත් ඔහුව විකුණන් කෑමත් දෙකකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *