මේ බල්ලන් බැඳ දමව්!

Muslimsසිංහලේ යනුවෙන් ජාතිවාදයට උඩගෙඩි දෙන ප්‍රචාරක ව්‍යාපාරයක් පසුගිය දා ඇරඹුණි. බොහෝ සංවාද විසංවාද අස්සේ මෙය ඇදී ගියේ ය. කෙසේ වෙතත් මෙවැනි දේවල් සුළුවෙන් ආරම්භ වුණ ද ඒවා මහා ගිනි ජාලා බවට පත් වෙද්දී ඒවා ආරම්භ කරන උන්ට තබා සක්කරයාටවත් නවතන්නට බැරි වන්නේ ඒවා ස්වයංසිද්ධව ඇවිලි ඇවිලී යන බැවිනි.

1983 ජාතිවාදී කෝලාහලයේ දී දමිළයන් මරා ගෙවල්වල එළුවා, කුකුළා පමණක් නොව පුටු මේස ද කොල්ල කෑවේ නිර්මල ජාතියේ නාමයෙනි. නුගේගොඩ මුස්ලිම් නිවෙස්හි ගේට්ටු දොරවල්වල සිංහලේ යනුවෙන් සටහන් කරමින් යන පිරිසක් සිටින බව සමාජ ජාල ආරංචි පැතිර යයි.

එය සත්‍ය නම්, වගකිව අංශ නිහඬව නොසිට වහා මේ බල්ලන් බැඳ දැමිය යුතු ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.