බස් ගිලපු තොණ්ඩමන්

Thondaතොණ්ඩමන්ලා පරපුරක් ලෙස පරපුටුවෝ බව කවුරුත් පාහේ දනිති. වතුකරයේ ජනතාවගේ සදාකාලික ප්‍රශ්න මතින් සුඛිත මුදිත ජීවිතයක් ගත කරන ඔවුහු සෑම කල්හි ම පවතින ආණ්ඩුව වෙත පක්ෂපාතී වී වතුකරය වෙත නොව තමන්වෙත වරප්‍රසාද වරදාන දිනාගත් උන් වෙති.

වතුකරයේ ජනතාවගෛ් සුබ සිද්ධිය වෙනුවෙන් 2008 දී ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මම බස් රථ 40 වරකට 20 බැගින් ලබා දී තිබුණි. කෙසේ වෙතත් මෙම බස් ලබාගෙන තිබුණේ තොණ්ඩමන් පරපුරට ම අයත් සමාගමක් වෙත ය. මේවා කිසි විටෙක වතු කම්කරු ජනතාව වෙනුවෙන් යොදවා නැති අතර ඒවා තනිකරම මුදල් ඉපැයීම සඳහා යොදාගෙන ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කළ පසුවිපරමක දී දැනගන්නට ලැබී ඇත.

වතු කම්කරු ජනතාව උකසට තබා මෙවැනි නින්දිත ක්‍රියා කරන තොණ්ඩමන්ලා ගැන සේ ම, විශේෂයෙන් ම වෙනත් රටක්වෙත කරන ලද මේ වංචාව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් සේ ගෙන පරීක්ෂණ කළ යුතු වෙතත් කිසිදා එසේ සිදුවන්නේ නැත. ආරංචියේ හැටියට එළැඹෙන මැතිවරණය වෙනුවෙන් තොණ්ඩමන් ද යහපාලනය වෙත එකතු වන්නට නියමිත ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.