සාමාන්‍ය පෙළ අසමත් ලුතිනන්!

Yoshithaනාවික හමුදාවට බඳවා ගැනීමේ සුදුසුකම්වලට අනුව අපොස සාමාන්‍ය පෙළ එක්වරක දී ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයයන්වලට සම්මාන සමග සම්මාන සාමාර්ථ හයක්වත් තිබිය යුතු වුවද එවක ජනපති පුත්‍රයෙක් වූ යෝෂිත රාජපක්ෂට සිංහල විෂයට තිබී ඇත්තේ සාමාන්‍ය සාමාර්ථයකි. එනමුත් 2004 දී නැවත විභාගයට පෙනී සිටිමින් සිංහල සඳහා විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගන්නට තරම් ඔහු දක්ෂ වී තිබේ.

පුහුණුව ලබන කණ්ඩායමේ දක්ෂත ම සිසුවාට හිමිවන විදෙස් පුහුණු ශිෂ්‍යත්වය එම වසරේ මෙරටට ලැබී නැති අතර ජනපති පුතා වීම නිසාවෙන් ම මුදල් ගෙවා එම අවස්ථාව යෝෂිත රාජපක්ෂ හිමිකර ගත්තේ ය. ඒ සඳහා ජනතා මුදලින් රුපියල් දෙකෝටියකට වැඩියෙන් වැය කර ඇති බව හෙළිදරව් වේ.

මෙලෙස වරප්‍රසාද ලබමින් ඉගෙන ගන්නට ගිය යෝෂිත එම පාඨමාලාවෙන් ද අසමත් විය. සියලු පහසුකම් මැද්දේ නිලධාරීන් වටකොට ගෙන සුඛෝපභෝගී දිවියක් ගෙවූ යෝෂිත රට බේරාගත් රණවිරුවෙක් බව කියමින් පසුගිය දා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණි. රටේ හිනා ය!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.