යෝෂිත රිමාන්ඩ්! ඇයි අවුල් ද?

yoshitha 2

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රාජ්‍ය දේපළ පරිහරණය කර සිය පුද්ගලික ව්‍යාපාරයක් වන සී.එස්.එන්. නම් රූපවාහිනී නාලිකාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙනි. ඒ අද පටන් දින 14කට ය.

යුද විරුවා යැයි ඔවුන්ම පලිප්පු දැමූ සරත් ෆොන්සේකා ද මෙයට වසර කිහිපයකට උඩ දී සිරගත කර දැමුණු අයුරු අපට මතක ය.එදා පළිගැනීම් කියා කියන්නට එකෙක් කට ඇරියේ නැත. කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ,ඔහුගේ බිරිඳ හෝ පුතුන් ඇත්තේ නීතියට ඉහළින් නොවේ. ඔවුන් නීතියෙන් මුක්තියක් ලබාගෙන මෙන් හිතූමතේ වැඩ කළ බව මෙරට සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනෙක් දන්නා කරුණකි.

ආණ්ඩු මාරුවන සෑම අවස්ථාවක දී ම, පැවති ආණ්ඩුවේ වැරදි කළවුන් ආණ්ඩුමට්ටු කරන බවට නව රජයන් කෙතරම් වහසිබස් දෙඩුවත් එසේ කළ අවස්ථාවක් ඉතිහාසයේ වත් හමු නොවේ. වැරදි කර ඇත්නම් දඬුවම් විඳිය යුතු ය. එය සැමට ම පොදු විය යුතු ය. රවි කරුණානායක නම් ව්‍යාපාරිකයා මුදල් ඇමති ලෙස වාහන බදු නැතිව නිදහස් කළේ නම් ඔහුට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව අපි කියමු. ඒ රාජපක්ෂලාගේ හොරකම් වැසිය යුතු යි කියන මොට්ට තර්කයේ පිහිටා නම් නොවේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.