ETCA එරෙහිව මහා ජනබලයක්! – ප්‍රධාන මාධ්‍ය එය සඟවයි!!

etca

යහපාලන යැ යි කියාගන්නා රජය විසින් ඉන්දියාව සමඟ අත්සන් කිරීමට කැස කවන වෙළඳ හා සේවා ගිවිසුම, එනම් ETCAවට එරෙහිව එම ගිවිසුමෙන් බලපෑමට ලක්වන සියලු ක්ෂේත්‍රවල නියුක්තවූවන් පසුගිය 11 වැනිදා මහ ජනරැළියක් සංවිධානය කරන ලදී. අතිවිශාල පිරිසක් සහභාගි වී අතිසාර්ථකව නිමවුණු මේ පිළිබඳ රටේ සියලු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පාහේ දැක්වූයේ අතිශය නිහඬ පිළිවෙතකි. එසේ වීමට යටින් ආණ්ඩුවේ යම් අශුද්ධ මැදිහත්වීමක් සිදුව ඇති බව ආරංචි පළ වෙයි. කෙසේ වෙතත් ලංකාවේ මාධ්‍ය සදාචාරය ගැන හොඳින් දන්නා අප ඒ ගැන සිතා පලක් ඇත්තේ නැත.

ජනතාව අතර කතිකාවකින් තොරව අත්සන් කරන්නට යන මේ ඊනියා ගිවිසුමෙන් රටට අවැඩක් වන බව මේ වෘත්තීයවේදීන් නගන තර්කය බැහැර කළ හැකි නොවේ. ආණ්ඩුවේ මේ කටයුතු ද ඒ තර්කය තවත් තහවුරු කරයි.

වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, කාර්මික ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්ගේ සහාභාගිත්වයෙන් විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ රැව් දුන් බලය මාධ්‍යයට වසං කරනු ලැබුව ද තීරණාත්මක අවස්ථාවක දී රජයට තරු පෙන්වනු නියත ය. එම සාමූහිකත්වයේ අවස්ථා කිහිපයක් පහතින් දැක්වෙයි.

etca1

etca2

etca4

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.