ෆීල්ඩ් මාර්ෂල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට!

Sarath-Fonseka-Democratic-party-DP

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමත් එහි කටයුතු කිරීමටත් එරෙහි ව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සරත් ෆොන්සේකාට අමතරව, එ.ජා.ප මහලේකම්, කතානායක ඇතුළු පිරිසක් නම් කර තිබේ.

එ.ජා.ප ජාතික ලැයිස්තුවේ නොසිටි අයෙක් එලෙස පත් කිරීම මගින් ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය වී ඇති බවත්, ඒ මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වගන්තිය උල්ලංඝනය වී ඇති බවත් එහි සඳහන් වෙයි. කෙසේ වෙතත්, පරාජිතයන් පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් නොගන්නා බව අගමැතිවරයා මුලින් පැවසුවද මේ තුළින් වෙනත් පක්ෂවල පරාජිතයන් ද පාර්ලිමේන්තුවට ගෙනැවිත් ඇති බව පෙනී යන්නකි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.