රනින් රන් අස්වැන්නට සුබ පතමු!

sport12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ නොමැකෙන ලෙස සටහන් තබමින් රන් පදක්කම් විශාල ගණනක් දිනාගන්නටත්, සමස්ත පදක්කම් සංඛ්‍යාව අතින් සියලු රටවල් අතරින් දෙවැනි ස්ථානයේ සිටින්නටත් ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක ක්‍රීඩකයෙක් දිනාගත් වැඩි ම රන් පදක්කම් ප්‍රමාණය දිනාගන්නට මැතිව් අබේසිංහ ක්‍රීඩකයා සමත් වූයේ රන් පදක්කම් 7ක් දිනාගනිමිනි. හිමාෂ සහ රුමේෂිකා දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව බවට පත් වූහ. මෙයට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ ජයග්‍රහණ ලබා ගෙන ඇත.

මැති ඇමැතිවරුන් ගැන දොස් ම කියන්නට සිදුව ඇති අපිට දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා, තමන් ගැන හොඳක් කියන්නට ඉඩක් ඉතිරි කළේ මේ ක්‍රීඩා උළෙල වෙත ගොස් කළ මැදිහත්වීමෙනි.

කෙසේ වෙතත්, මේ ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ එකදු රූපවාහිනී නාලිකාවක් විකාශය නොකළ අතර, දැන්වත් එවැනි දෙයක් කරන්නේ නම් නවක මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උත්තේජනයක් වනු ඇති.

රනින් රන් අස්වැන්න රටට ගෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට රීඩ් ශ්‍රී ලංකා වෙතින් මෙසේ සුබපැතුම් ගෙන එමු!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *