සුනාමි මුදල් වංචා චෝදනාවට මහින්ද හිරේ නොයැවීම ගැන සරත් එන්. සිල්වා සමාව අයිදියි!

sarath-nහෙල්පින් හම්බන්තොට නම් රාජ්‍ය නොවන සංවිධානයක හරහා සුනාමි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලැබුණු අතිවිශාල මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවට මහින්ද රාජපක්ෂ වරදකරු කොට සිරගත නොකිරීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේ ය. මහින්ද රාජපක්ෂ අද එතැන ඉන්නේ තමා නිසා බව ද ඔහු කියා සිටියේ ය.

ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, තමා එදා ඒ තීරණය ගත්තා නම් අද මේ රට පත්ව ඇති මහා විනාශයකින් ගලවා ගන්නට තමාට හැකියාව තිබූ බව ය. කෙසේ වෙතත් හිටපු අගවිනිසුරුවරයාගේ මෙම ප්‍රකාශය සමාජයේ බොහෝ පිරිස්වල අප්‍රසාදයට ලක්ව ඇත. ඔහු අගවිනිසුරු ධුරය දරත් දී අතිශය පක්ෂපාතීව වැඩ කර ඇති බව ඒ තුළින් තහවුරු වෙන බව මධ්‍යස්ථ විචාරක මතය යි.

ඔහු ඒ ගැන අදහස් දැක්වූ වීඩියෝපටය පහතින් දැක්වෙයි.

පසු සටහන – මේ ප්‍රකාශය සරත් එන්. සිල්වා කලෙකට ඉහත දී කරන ලද ප්‍රකාශයක් බව සලකන්න. විලි ලැජ්ජා නැතිකම අග්‍රවිනිශ්චයකාරකමටත් වඩා ලොකු වන අවස්ථාවක් පෙන්වා දීම පිණිස මේ සටහන තැබුවෙමු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.