“මගෙ සුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි!”

hemantha

ඉතාලියේ හිටපු තානාපති හේමන්ත වර්ණකුලසූරියට එරෙහිව පැවරූ මූල්‍ය වංචා නඩුවකට අදාළව ඔහු අත්අඩංගුවට ගැනීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති වෙත යොමු කර ඇති ලිපිගොනුව කලක් තිස්සේ එහි නැවතී තිබෙන බවට වාර්තා වෙයි. හේමන්ත වර්ණකූලසූරියට එරෙහිව යූරෝ 93,313.08ක් එනම් රුපියල් ලක්ෂ 12කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ නඩුව පවරා ඇති අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගණකාධිකාරිවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප පිට නිදහස් වී ඇත.

2014 අගෝස්තු මස නීතිපති උපදෙස් පතා යවා ඇති මේ ලිපිගොනුව බොහෝ කාලයක් මෙලෙස තිබෙන්නේ ඇයි දැ යි ඇත්තේ ප්‍රශ්නයකි. දැඩි රාජපක්ෂවාදියෙක් වූ හේමන්ත වර්ණකුලසූරියගේ බෑණා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ වන අතර බුද්ධිකව රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ කරගැනීමට ඔහු එකල මහත් වෙහෙසක් ගත්තේ ය.

යහපාලන ආණ්ඩුවට සම්බන්ධ ඇමැතිවරුන් ද තම ආණ්ඩුවේත් ඩීල් තිබෙනවා යැ යි පවසන කාලයක මේ සිදුවීම පිටුපස යම් කිසි එවැනි සිදුවීමක් තිබිය හැකි ය. නැතිනම් මෙතරම් කාලයක් මේ ලිපිගොනුව පමා වන්නට කාරණාවක් නැත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.