මහින්දගේ ශරීරාරක්ෂකයා තම වත්කම් සැඟවීමේ වෑයමක!

newil

හිටපු ජනපතිවරයාගේ ආරක්ෂකයන් ලෙස කලු පැහැති ඉතිහාසයක් සහිත පුද්ගලයන් යොදාගෙන තිබෙන අතර, අනීතික ආකාරයෙන් ඔවුන් හමුදාවට ඇතුළත් කර උසස් නිලතල පිරිනමා ඇති බව පසුගිය දා හෙළිදරවු වූ කරුණකි. මේජර් තිස්ස යනුවෙන් හැඳින්වෙන පුද්ගලයා තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බව වාර්තා පළ විය. ඔහු මේ වන විට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හමුදා කඳවුරක සිටින බව සැලයි.

දැනටත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස සැලකෙන මේජර් නෙවිල් හෙවත් නෙවිල් වන්නිආරච්චි නැමැත්තා ද එවන් ක්‍රමයකට මේජර්වරයෙක් බවට පත් වූ අයෙක් බව කියැවේ. කෙසේ වෙතත් මේ පුද්ගලයන් විශාල වශයෙන් අනිසි වත්කම් උපයාගෙන ඇති බව දැනගන්නට ඇත. ඒවා ගැන වෙනම පරික්ෂණයක් ක්‍රියාත්මක වන බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග තොරතුරු වාර්තා කරයි.

මෙකියන නෙවිල් නැමැත්තා හිටපු ජනපතිවරයාගේ අනුහසින් විශාල වත්කම් ප්‍රමාණයක් උපයාගෙන ඇති බව සොයාගෙන ඇති අතර මේ පරික්ෂණ ඉදිරියට යද්දී ඒ වත්කම් සැඟවීමට මොහු උත්සාහ කරන බව ද දැනගන්නට ඇත. පසුගිය දා මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ ජගත් චන්ද්‍රසිරි නම් අධ්‍යක්ෂවරයෙක් සමග එක්වී තමා නමට ලියාපදිංචි වී ඇති වාහන විශාල ප්‍රමාණයක් වෙනත් නම් වලට ලියාපදිංචි කර ගැනීමට දැරූ උත්සාහයක් ගැන ද වාර්තා වේ.

ආරක්ෂකයින්ගේ වත්කම් මෙපමණ නම් නායකයන්ගේ වත්කම් කොපමණ දැ යි කාටත් හිතාගත හැකි ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.