ඇමැති පී. හැරිසන් රටට කළ පාඩුව රු. 4000000000 ක්?

p harrisn

පසුගිය කන්නයේ දී වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් මිලට ගත් වී මෙට්රික් ටොන් 234800 ප්‍රමාණයක් සහල් කිරීම සඳහා අඩු මිලට තම හිතවත් සහල් මෝල් හිමියන් දෙදෙනකුට ලබා දීමෙන් විෂය භාර ඇමැති පී.හැරිසන් විසින් රටට අතිශය විශාල මුදලකින් පාඩු කරන ලදැයි මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ පැමිණිල්ල ජ.වි.පෙ. විසින් කරනු ලබන්නකි.

මෙලෙස මිලට ගත් වී කිලෝවක් සඳහා රජය රුපියල් 48 ක් වැය කර ඇති බවත්, මේවා සහල් කිරීම සඳහා සාධාරණ මිලකට ලබා දෙන ලෙස බොහෝ සහල් හිමියන් ඉල්ලා සිටියත් හැරිසන් විසින් තම හිතවත් මෝල්කාරයන් දෙදෙනෙකුට ඒවා ලබා දී ඇත්තේ රුපියල් 35 බැගින් බවත් වාර්තා වෙයි. ඒ අනුව, එක් වී කිලෝවකින් රජයට වූ පාඩුව රුපියල් 08ක් පමණ වන බව පෙනී යයි. මෙය මෙසේ සිදු වී ඇත්නම් එයට පිටුපස අශුද්ධ ගනුදෙනුවක් සිදුව ඇති බව සක්සුදක් සේ පැහැදිලි ය.

යහපාලනය යනු, මෙවැනි හොරකම් කරන තැනක් නම් මේ උලව් යහපාලනය බල්ලාට දැමිය යුතු ය. අපි මේ පැමිණිල්ල කෙරෙහි, කටයුතු කෙරන ආකාරය ගැන විමසිල්ලෙන් බලා සිටිමු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.