නාටක මාරයි! පොලිසිය හමාරයි!

Police medea

මෙම පුවතට “පොලිසියේ රෙදි ගැලවෙයි” යනුවෙන් සිරසක් යොදන්නට සිතා නැවත් එම සිතිවිල්ල වෙනස් කරගත්තේ පොලිසියට රෙද්දක් තිබෙනවා ද යන පැනය නිසා ය.

එක්තරා රූපවාහිනි නාලිකාවක විකාශය වන විකට වැඩසටහනකට පොලිස් නිල ඇඳුම්වලට සමාන ඇඳුම් යොදාගෙන රඟපෑම් කිරීම මඟින් පොලිසියට අපකීර්තියක් වූයේ යැයි කියමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර විසින් ඔවුන්ට එරෙහිව පවරා තිබූ නඩුවකින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. අධිකරණය එහි දී පොලිසියට දැඩි සේ අවවාද කරනු ලැබු‍වේ “මේ සැකකරුවන් මොනවාද කරල තියෙන වරද? කාටහරි ගහල බැනල මරලාද? නෑ. මේක කලා නිර්මාණයක්‌. මේ වගේ කලා නිර්මාණයකට එරෙහිව චෝදනා ගොනු කරද්දී ඒක කරන්න ඕනෑ හොඳට නීතිය ගැන හොයලා බලලයි. එහෙම නැතුව මීට පස්‌සේ නම් මේ වගේ වැඩ කරන්න එපා” යැයි පවසමිනි.

ශ්‍රී ලංකාවේ පොලිසිය නම් ආයතනය ආචාරධාර්මික ආයතනයක් බවට පත් කළ යුතු බව අපි සැම දා කියා සිටියෙමු. දියුණු ලෝකයක මෙවැනි ගොබ්බ පැමිණිලි දැමිය හැක්කේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැන්නෙකුට පමණි. ඒ මදිවාට හේ නීතිඥයෙක් යැ යි ද පැවසේ. නාමල් සමත් වුණු ආකාරයට ඔහු ද නීති විභාගය සමත් වූයේ දැ යි ඇත්තේ අපට ඇත්තේ කුකුසකි.

පොලිසිය අපකීර්තියට පත්වන්නේ, කලා නිර්මාණයකට (එම නිර්මාණවල ගුණාත්මක බව ගැන ප්‍රශ්නය වෙන ම තබමු) නිල ඇඳුම යොදා ගැනීමෙන් නොවේ.

පොලිසිය අපකීර්තිය පත්වන්නේ මාංචු සහිතව තම ආරක්ෂාවේ සිටින සැකකරුවන් ගඟේ, මූදේ පැන මිය යෑමෙනි. උඩ තට්ටුවලට හෙනයක්වත් නැතිව නිරෝගීව යන තරුණයන්ට පහළට පනින්න සිතෙන ජාතියේ දේවල් කරන පොලිස් නිලධාරින් නිසාවෙනි. පාරවල් අයිනේ හැංගී සිට එළියට පැන මිනිසුන්ට දඩ තර්ජනය කර පගා ගන්නා නිලධාරීන්ගෙනි. තමන්ගේ දුවගේ වයසේ දැරියන්ට පොලු අමෝරාගෙන තිරිසනුන්ට මෙන් පහර දෙන පොලිස් නිලධාරින් නිසාවෙනි. මේ ලැයිස්තුව තවදුරටත් මාගලක් මෙන් දිගුකරන්නට අපිට හරිම ලෙහෙසි ය.

ඇත්තට ම පොලිසියට වෙන වැඩ නැද්ද?
ඇත්තට ම පොලිසියට ලැජ්ජාවක් කියල එකක් නැද්ද?

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.