ජනපතිට ප්‍රසිද්ධියේ අපහාස කළවුන්ට වැඩ වරදියි!

Harrsmnt

මහින්ද රාජපක්ෂ රෙජිමය පැවති කාලයේ මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පැවති ආකාරය ගැන සියලු දෙනා ම දනිති. ජනපතිට තබා ආර්යාවට කඩ පිළක යමක් කිව්වත් කුදලාගෙන ගොස් කූඩු කර දඬුවම් කරන ලද බව මතක් කර ගැනීමෙන් අනෙක් මාධ්‍ය සැලකුම් ලැබූ ආකාරය ගැන නිකමට හිතාගත හැකි ය.

මේ තත්වයන් නිසා වන්දිභට්ට නොවන මාධ්‍යකරුවන් අතළොස්ස රෙජිමය පෙරලන අරගලයට දායක වූ අතර මහින්ද රෙජිමය පැවති යුගයට සාපේක්ෂව වර්තමානයේ සාපේක්ෂ නිදහසක් තිබෙන බව ද ඇත්තකි. එය කොතරම් කල් දැ යි නොදන්නා මුත් මේ නිදහස අතිශය නින්දිත සහ පිළිකුල් සහගත ආකාරයට පරිහරණය කෙරුණු අවස්ථාවක් පසුගිය දා දක්නට ලැබුණි.

ඒ උසාවියට අපහාස කිරීමත් සාක්ෂිකරුවන්ට බාධා කිරීමත් යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් ඥානසාර හිමි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අවස්ථාවට පසු ව ය. ඒ අතිශය නින්දිත සහ පහත් ආකාරයෙන් අසභ්‍ය වචනයෙන් ජනපතිවරයාට බැණ වැදීම ය.

මානසික ආබාධවලින් පෙළෙනු ඇතැයි සැක කළ හැකි තාලයේ එම හැසිරීම් ශිෂ්ට මිනිසුන් ලෙස කිසිසේත් ම අනුමත කළ හැකි ඒවා නොවේ. රටක රාජ්‍ය නායකයා තබා සාමාන්‍ය පුරවැසියෙක්ට වත් එවැනි ලෙස බැණ වැදීම අනුමත කළ නොහැකි ය. නිදහස යනු මෙවැනි ගෝත්‍රික අශිෂ්ට නින්දිත ක්‍රියා කිරීමට උඩගෙඩි දීම නොවේ.

මෙලෙස හැසිරුණු අය පිළිබඳව පැමිණිල්ලක් අදාළ අංශ වෙත ඉදිරිපත්ව ඇති අතර ඒ ගැන ක්‍රියාමාර්ග ගනිමින් ති බෙන බව රීඩ් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති අංශය වෙත වාර්තා වෙයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.