සරත් එන්. සිල්වා යනු සැබැවින් ම මිනිසෙක් ද?

sarath n

මෙරට නීති ඉතිහාසයේ අපකීර්තිමත් අගවිනිසුරුවරයා සරත් එන්. සිල්වා ය. ඔහුට එරෙහිව පළිගැනීමේ චෝදනාදිය විශාල ගණනකි. ඔහුගේ දේශපාලන ගේම් ආදිය ද එතරම් ම විශාල ගණනකි. අප ඒවා ගැන කිසිවක් ලියන්නට නොයන්නේ ඇයි? වෙනත් කටයුත්තකට අපට ඇති කාලය ඒවා ලියන්නට යෑමෙන් අපතේ යන නිසා ය. සරත් එන්. සිල්වා කවරෙක් ද යන්න රාවය කර්තෘ වික්ටර් අයිවන් ඇති පදම් ලියා තිබේ. සරත් එන්. සිල්වා නීතිපති ධුරයේ සිට අගවිනිසුරු ධුරයේ දිවුරුම් දෙන දා රාවය එහි ඡායාරූපය පළ කළේ උඩුයටිකුරු කරමිනි. එපමණක් නොව මොහුගේ ක්‍රියාකලාපයේ පහත්කම සිනමාවට ද නැගී තිබේ.

දැන් නැවතත් මේ පුද්ගලයා දේශපාලන වේදිකාවකට ගොඩ වැදී ඇත. හැමදාම ඔහු සිටියේ එවැනි වේදිකාවල ය.

අපට වැල්වටාරම් ලියන්නට නැත. ඉතිහාසයක් පුරා මොහුගේ හැසිරීම දෙසත් වත්මන් හැසිරීම දෙසත් බලා එක දෙයක් විමසන්නට අපි කැමැත්තෙමු.

ගමේ ගොඩේ බාසාවෙනි.

ඇත්තට ම මූ මිනිහෙක් ද?

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.