ලැජ්ජාවක් නැති ගෝඨාභය!

Gota 4

රාජපක්ෂලා බලයේ සිටි සමයේ මාධ්‍ය මර්ධනය කරන ලද බව ප්‍රකට කරුණකි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම්, රටෙන් පළවාහැරීම් නිමක් නැතිව සිදුවුණු එසමය මාධ්‍යයන්ට භීමසමයකි. කිසිදු නීත්‍යානුකූලබවකින් තොරව හිතුමතේ වෙබ් අඩවි තහනම් කිරීම එකල තවත් සුලබ සිදුවීමකි. අපට මතක හැටියට ගෝඨාභයගේ ඍජු මැදිහත්වීම මත ඒ වෙබ් අඩවි තහනම් කිරීම සිදුවිය.

වරක් වෙබ් අඩවි 05ක් එකවර තහනම් කර දැමිණි. ඒ අතර කලම්බු ටෙලිග්‍රාෆ් නම් වෙබ් අඩවිය ද විය.

දුටුව සැණින් දෙකොනින් සිනහා යන කරුණක් ද දැනගන්නට ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂ තම නිල ෆේස්බුක් පිටුවේ එදා තහනම් කරන ලද වෙබ් අඩවියේ අද තමා ගැන පළ වන ප්‍රවෘත්ති පළකර ගැනීමයි. මේ වාහෙලාට ඇත්තට ම විලිලැජ්ජාවක් කියා දෙයක් ඇත්තේ නැති බව කවුරුත් දැනගත යුතු ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.