මුසාවාදා වේරමණී සික්ඛා පදං

uduwe

මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි යනුවෙන් එන පාලි ගාථාවෙන් කියවෙන ශික්ෂා පදයෙහි අර්ථය මම බොරු නොකීම නමැති ශික්ෂා පදයට එකඟ වෙමි යන්නයි. එය කෝටියක් සංවර ශීලය රකින භික්ෂූන් වහන්සේලා පමණක් නොව සාමාන්‍ය ගිහියන් පවා පිහිටා සිටිය යුතු යැ යි බුදු දහමේ එන මූලික ශීලයන්ගෙන් එකකි.

උඩුවේ ධම්මාලෝක හිමියන් පසුගිය කාලයේ හොර අලි කෙළියෙන් අලි පැටියෙක් ළඟ තබා ගත් බව ප්‍රසිද්ධ රහසකි. බලු පැටවුන් පන්සල්වලට ගෙනත් දමන්නාක් මෙන් අලි පැටවුන් පන්සල්වලට ගෙනත් නොදමන බව මෙරට කුඩා දරුවා පවා දන්නා ඇත්තකි. කිසිදු ලියවිල්ලකින් තමා භාරයේ සිටි අලි පැටියා නීත්‍යානුකූල එකෙක් බව කියන්නට බැරිවීම නිසා දැන් ඒ වෙනුවෙන් බෞද්ධ ශික්ෂාපද පවා වෙන්දේසි කරන්නට ඔහුට සිදුව ඇත.

නීතිය නොදැන සිටි බව කියන්නට වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව පවා සිටි මෙහිමියන්ට නොහැකි ය. අනෙක් අතට නීතිය නොදැන සිටීම වරදින් ගැලවීමට හේතුවක් නොවන බව නීතියේ මූලික සංකල්පයක් බව අප අසා ඇත. කිසිදු කොන්දේසියකට යටත් නොවී නීතිය ක්‍රියාත්මක කළ යුතු ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.