උඩුවේ ධම්මාලෝක අද හෙට ම අත්අඩංගුවට!

uduwe

මෙලක මෙකල සිටින සමහර ශ්‍රමණවේශධාරීන්හට ගරු කටයුතු හිමිවරුන්ට අමතන ලෙස ඇමතීම පවා අපුල දනවන්නකි. ඔවුන් ගිහියන්ගෙන් වෙනස්වන්නේ පොරවාගෙන සිටින චීවරයෙන් පමණි. (ඇතැම් බොදු බල සේනා සාමාජික මෙවැන්නන් නම්, විවේක ගන්නා පික්නික් අවස්ථාවල දී චීවරය විසිකොට කලිසම්, ටී ෂර්ට් වලින් සැරසී කෙල්ලන් සුරතල් කරනු පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්ට ලැබුණි)

මවුන්ගෙන් වෙන් කරන ලද අලි පැටවුන් ළඟ තබාගෙන සිටීම නීති විරෝධී කටයුත්තකි. පෙර ආණ්ඩුව ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වූ බව ප්‍රකට කරුණකි. තමන්ට හිතවත් බොහෝ දෙනාට අලි සහ ඇත් පැටවුන් ලබාගන්නට රාජපක්ෂවරු ඉඩහසර සලසා තිබුණේ ය. කෙසේ වෙතත්, ආණ්ඩු මාරුවෙන් පසු ඇදි ඇදී හෝ නීතිය ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත. ඒ අනුව කිරුලපන ඇලන්මැතිණියාරාම වාසී උඩුවේ ධම්මාලෝක ළඟ සිටි ඇත්පැටවා නීතිවිරෝධීව රඳවා සිට ඇති බවත් කිසිදු ලියවිල්ලක් සතු නැති බවත් අනාවරණය වී ඇත. මේ ගැන ප්‍රශ්න කරන්නට ගිය විට ධම්මාලෝකට පපුවේ අමාරුව හැදී නවලෝකගත විය.

කෙසේ වෙතත්, අපට තොරතුරු ලැබෙන පරිදි විනිසුරුවරයා විසින් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නට තීන්දු කර ඇති බව වාර්තා වෙයි. උඩුවේලා නඩු සහ බඩු දෙකම තමන්ලා ලඟ තබාගෙන සිටි කාලය අවසන් ව ඇත. බලධාරීනි නීතිය හරියට ක්‍රියාත්මක කරනු!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.