වැලිකඩ දී මැරුණේ මිනිස්සු නොවෙයි ද?

prisoner

මෙරට ඉතිහාසයේ බන්ධනාගාරවල දී සිදු වූ ම්ලේච්ඡත ම ඝාතන දෙකකි. ඉන් එකක් වන්නේ 2000 වර්ෂයේ දී බිඳුණුවැව සිරකඳවුරක දී නිරායුධ දෙමළ සිරකරුවන් ඝාතනය කිරීම ය. අනෙක වසර ඉන් වසර 12කට පසුව 2012 වසරේ දී වැලිකඩ දී ඇති වූ හෝ ඇතිකරන ලද තත්වයක් මත සිරකරුවන් ඝාතනය කිරීම ය.

කවර අර්ථයකින් ගත්ත ද මනුෂ්‍ය ජීවිතයක් නැති කිරීම වනාහී යුක්ති යුක්ත කළ හැක්කක් නොවේ. විශේෂයෙන් ම නිරායුධ සිරකරුවන් ඝාතනය කිරීම අතිශයින් අමානුෂික බව අමුතුවෙන් කිව යුතු නොවේ. බන්ධනාගාරගතවන බොහෝ දෙනා රහස් සඟවාගෙන සිටින්නෝ වෙති. වැලිකඩ බන්ධනාගාරයේ සිටින බොහෝ දෙනෙක් අත මෙරට සිදු වූ සාතිශය දරුණු අපරාධ බොහොමයක රහස් ඇති බැව් නොරහසකි.

මෙවැනි අය එකවිට ම හදිසියේ මිය ගියහොත්, ඔවුන් සමඟ බොහෝ අපරාධ සැකකරුවෙක් පවා නැතිව සැඟව යන්නේ ය. යම් අපරාධයක් අනෙකකුගේ මෙහෙයවීමෙන් කළ අයෙකු මෙවන් සිද්ධියක දී මියගියේ යැ යි සිතමු. එවිට අපරාධය මෙහෙයවූ පුද්ගලයා බේරෙන බව සරල සත්‍යයකි. අපට මතක හැටියට එවක එම සිදුවීම මෙරට පුවත්පත් වාර්තා කළේ “දරුණුම 20ක් ඉවරයි” ආදී වශයෙනි. වැලිකඩ සිරකරුවන් ඝාතනය තුළින් එසේ නොවූවා යැයි කිව හැක්කේ කාට ද? යම් සිදුවීමක් වූ පමණින් සිරකරුවන් හෝ සැකකරුවන් 27 දෙනෙක් ඝාතනය වීම සුළුකොට තැකිය හැකි ද?

යහපාලන රජය පත් වී වසරකට වඩාත් කල් ගතව ඇති නමුත්, මේ ඝාතන ගැන යම් සාධාරණයක් ඉටුවන වගක් පෙනෙන්නට නැත. මේ ම්ලේච්ඡ ඝාතනය ඇසින් දුටු සාක්ෂිකරුවෙක් පසුගිය දා මරණ තර්ජනයට ලක්ව ඇති බව දැනගන්නට ලැබේ. මෙවන් තත්වයන් කියාපාන්නේ සිදුවන්නට යන්නේ සුබදායක දෙයක් නොවන බවයි. යුක්තිය පසිඳලන ආයතනවල මේ මන්දෝත්සාහිබව, “සිරකරුවෝද මනුෂ්‍යයෝ ය” කියා බන්ධනාගාරයේ තාප්පයේ ලියා තිබුණාට සැබැවින් ම ඔවුන් එසේ නොසිතන බව ද?

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *