යෝෂිතට පුහුණුවෙන්න රටේ සල්ලි වියදම් කළ හැටි මෙන්න!

Yoshitha 3

යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ, මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවට ය. එයට අමතරව මේ කුමාරවරුන්ට බොහෝ චෝදනා ඇතත්, සමහර ඒවා ඔප්පු කර ගත නොහැකි බැවින් කරලිගත වන්නේ නැත. යෝෂිත අත්අඩංගුවට ගැනීම ගැන මරාගෙන මැරෙන මට්ටමෙන් පෙනී සිටි ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ද දැන් නොකර සද්ද සිටිති.

මේ කියන්නට යන්නේ, යෝෂිත රාජපක්ෂ නාවික හමුදා නිලධාරියෙක් ලෙස ජනතා මුදල් වියදම් කර ඇති ආකාරය ගැනයි.

෴ මහා බ්‍රිතාන්‍යයේ තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව -රු. 6284219.25
෴ නෞකා පුහුණුව – මහා බ්‍රිතාන්‍යය – රු. 7031614.71
෴ උප ලුතිනින් පාඨමාලාව – මහා බ්‍රිතාන්‍යය – රැ. 5333667.07
෴ විශේෂ පාඨමාලාව – යුක්රේනය – රු. 3573317.06

මෙයට අමතරව මේ නිලධාරියා අවස්ථා 74ක දී විදේශ ගත වී ඇති බවට තොරතුරු ඇත. එයින් නාවික හමුදාවේ අවසරයෙන් ගොස් ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි. ඉතිරිය ජනාධිපති තාත්තාගේ බලපුළුවන්කාරකම මත ය.

මේ ඊනියා පුහුණුවීම් සඳහා රු.22222818.00 ක (ලක්ෂ 200කට වඩා මුදලක්) මුදලක් වැය කර ඇත්තේ කුමන පදනමකින් ද? මෙසේ ජනතා මුදලින් පුහුණුවීම් කරන්නට ඔහු පෙන්වූ විශේෂ දක්ෂතාවය කුමක් ද? වෙනත් මෙවැනි මට්ටමේ සෙබලුන්ටත් මෙවැනි පුහුණුවීම් දෙනවා ද? නාවික හමුදාවේ ඉහළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳව වහා ප්‍රශ්න කළ යුතු ය!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.