සිංහනාද බලු කෙඳිරිලි!

Yoshitha

CSN හෙවත් රාජපක්ෂ නාලිකාව හරහා අයථා මුදල් පරිහරණය වැනි බරපතළ චෝදනා එල්ල කෙරෙමින් අත්අඩංගුවට ගත් හිටපු ජනපති කණිටු පුත් යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කළ පසුව ඔවුන් සහ ඔවුන්ට හිතවත් ඇම්බැට්ටයින් අභීත සිංහනාද නැගුවෝ ය. හිරබත්කෑම සුළුපටු දෙයක්බව පෙන්වමින් ප්‍රකාශ නිකුත් කෙරුණි.

තරුණ රාජපක්ෂ තුන්කට්ටුවේ තුන්බෑ ජටිලයන්ගෙන් එකෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත වූ අතර අනෙකුන් දෙදෙනා විවිධ ප්‍රකාශ නිකුත් කරනු දකින්නට ලැබුණි. බාලම බෑයා කියා තිබුණේ සිංහයාගේ වල්ගය පාගා ගන්න එපා වැනි කතාවකි.

කෙසේ වෙතත් සිංහයින්ට මහලොකුවට හිරබත වුවද අවුලක් නැතැයි කිව්වද දැන් දැන් ගෙදරින් තුන්වේලට ම බත ගෙන්වා ගන්නා බව වාර්තා වේ.
.
සාමාන්‍ය ව්‍යවහාරයේ දී විසිල් තරමට බල්ටි නැතැ යි කියන්නේත් සිංහනාද බලුකෙඳිරිලි කියන්නේත් මෙවැනි අවස්ථාවලට දී ය

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.