ලිංගික අල්ලස් ගන්නා විශ්වවිද්‍යාල ආචාරියෝ!

student

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශයේ අංශාධිපති ප්‍රදීප් නිශාන්ත නමැත්තාට එරෙහිව, නොනිසි ලිංගික බලපෑම් කිරීමේ චෝදනාවක් එල්ල වී ඇති බව දැනගන්නට ඇත. මේ හේතුවෙන් මොහුගේ අංශාධිපති ධුරය තාවකාලිකව තහනම් කර ඇත.

ලංකාවේ සියලු ක්ෂේත්‍රයන්ට නොදෙවෙනි ලෙස විශ්ව විද්‍යාල පද්ධතිය අතිශය ජරාජීර්ණ වී තිබේ. මේ කලාතුරකින් එළියට ආ සිදුවීමක් වුවත් විශ්වවිද්‍යාලයන් තුළ නම් මේවා හැමෝම දන්නා ප්‍රසිද්ධ රහස් ය.

“ආධුනික කථිකාචාර්යකමක් ලබාගන්නට නම් මහන්සි වෙනවාට වඩා හාන්සිවෙන එක ලෙහෙසි” බව එහි පවතින කතාවකි. විශ්වවිද්‍යාලවල සමහර ආචාරීන්ගේ දැනුම පෙනෙනවිට එය ඇත්ත බව තහවුරු වෙයි.

තම සිවිල්බලය උපයෝගී කරගෙන ලිංගික සන්තර්පණය උදෙසා මෙවැනි තුච්ඡ පහත් ලෙස කටයුතු කරන ඇදුරන් කෙරෙහි මේ සිද්ධිය පූර්වාදර්ශ කරගෙන කටයුතු කරන්නට හැකිවන ආකාරයට නිවැරදි ක්‍රියාමාර්ග ගෙන මෙම සිද්ධිය විසඳිය යුතු ය. විශ්වවිද්‍යාල දැනුම කේන්ද්‍රකරගත් නියම සරසවි බවට පත් කරන්නට එම කාර්යය ද ඉවහල් වෙනු ඇති. මන්ද යත් මහන්සි වී පාඩම් නොකර හාන්සිවන්නට පුරුදු වීමෙන් දැනුම ලැබෙන්නේ නැත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.