ගෝඨාභය තර්ජනය කරයි!

Gotas 3

“රටට සේවය කරපු අය දුක විඳින්න ලෑස්ති වෙන්න ඕන. එක තමයි ඉතිහාසයේ තියෙන්නේ. කමක් නෑ. ඒ වගේම දැන් ඉන්න අයටත් ඉදිරියේදී කලකිරෙන්න වෙයි. සමහරවිට සිය ගුණයකින්. ඒක තමයි ස්වභාව ධර්මය”

මේ ප්‍රකාශය කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්දගේ යුගයේ, වඩාත් ම බලවත් පුද්ගලයින් දෙතුන් දෙනාගෙන් කෙනෙක් වූ ගෝඨාභය රාජපක්ෂ විසිනි. අපගේ අදහස අනුව නම් මේ ප්‍රකාශය යටින් එන බරපතල තර්ජනය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හිතවත් මිනිසුන් විසින් බරපතල ලෙස බාරගත යුතු බව ය.

මහින්ද රාජපක්ෂ රජය කාලයේ සිදු වූ බරපතල සිදුවීම් බොහෝමයකට ගෝඨාභය රාජපක්ෂ ඍජුව හෝ වක්‍රව සම්බන්ධ බව රහසක් නොවේ. මහින්ද රෙජිමයට තර්ජනයක් ලෙස සැලකුණු බොහෝ දෙනාට එකල අතුරුදහන් වන්නට හෝ ජීවිතයෙන් සමුගන්නට සිදු විය.

නව පක්ෂයේ නායකත්වය ජාතිවාදී ගෝඨාභයට පැවරෙනු ඇති බව පෙනෙන්නට තිබෙන අතර ඔහු කළ තර්ජනය මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි සියලු දෙනා විසින් සුලුවෙන් තැකිය යුතු නොවන බව අවසාන වශයෙන් කිව යුතු ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.