මහනුවර ත්‍රිත්ව/ කුරුණෑගල සහිරා විද්‍යාලයන්ට ප්‍රණාමය පළ කරමු!

trn sah

පසුගිය දිනවල ලංකාව පුරා පමණක් නොව, ලෝකය පුරාමත් කුප්‍රකටව මෙරටට අපකීර්තියක් ගෙන ආ සිදුවීමක් වූයේ කුලියාපිටිය ප්‍රදේශයේ කුඩා දරුවෙකුට වුණු අසාධාරණය යි. අපිදු පෙර අප අඩවියේ ම සටහන් කළ පරිදි, ශිෂ්ටාචාරකරණය නොවූ අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ නූගත් දෙමව්පියන් රොත්තක් විසින් ඒඩ්ස් රෝගය ඇතැයි ප්‍රචාරය කරමින් දරුවෙක්ට ඉගනගන්නට ප්‍රදේශයේ කිසිදු පාසලක් අහිමි කරනු ලැබූහ. බලධාරීන් කරන ලද ඉල්ලීම්, පැහැදිලි කිරීම් තුට්ටුවකට මායිම් නොකළ මේ අමන රැළ දරුවාගේ වෛද්‍ය වාර්තා පවා පිළි නොගත්තෝ ය.

දැනගන්නට ලැබෙන පරිදි ඒ අසාධාරණයටත්, මානසික පීඩනයටත් ලක් වූ දරුවා ඇතුළත් කරගන්නට ප්‍රසිද්ධ පාසල් දෙකක් වන කුරුණෑගල සහිරා විද්‍යාලයත්, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් කැමැත්ත පළ කර තිබේ. මහා ලොකුවට සිංහල බෞද්ධ යැ යි කියාගන්නා නමුත් හරයෙන් බෞද්ධ මිනිසුන් ඉතා අඩු රටක බෞද්ධකම යනු මේ යැ යි පෙන්වන්නට බෞද්ධ නොවන දැක්මක් සහිත මේ පාසල් සමත් ව තිබේ. එයට අමතරව දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් අරමුදලක් ඇති කරන්නට ද ස්වේච්ඡාවෙන් පිරිසක් එකතු වී ඇතැයි දැනගන්නට ඇත.

මේ ඉදිරිගාමී පියවර ගත් පාසල් දෙකට අපගේ ආචාරය පුද කළ යුතු ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.