කන් හැඳි, ආය කටු වැනි දෑ කණට ඇතුළු කර කණ සුද්ද කිරීමෙන් වළකින්න

ear-clearකොට්න් බට්න්, කන් හැඳි,ආය කටු වැනි දෑ කණට ඇතුළු කර කණ සුද්ද කිරීමෙන් වළකින ලෙස අලෙවිය සඳහා තිබෙන කණ සුද්ද කිරීමේ කර්ණ චූෂණ උපකරණ භාවිතා කිරීමෙන් වළකින ලෙස උගුරු,කණ,නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසයි.

වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළේ, අද (03) ජාතික රෝහලේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි. මාර්තු 03 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර ශ්‍රවණ දිනයට සමගාමීව මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

මාර්තු තුන්වන දිනට ජාත්‍යන්තර ශ්‍රවණ දිනය යෙදී තිබෙනවා.ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර අවධනය යොමු කර තිබෙන්නේ, ළමුන් බිහිරි බවින් මුදවාගැනීමයි. බිහිරි බව වළක්වාගැනීමට දීපව්‍යාප්තව ඉදිරියේ දී නියමු ව්‍යාපෘතින් ශ්‍රී ලංකාවේ මාතෘ රෝහල් වල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

දරුවෙකු බිහිවීමෙන් අනතුරුව ඇසීම පරික්ෂා කිරීම සිදු කෙරෙන අතර මූලික අඳහස් එමඟින් ලබගත හැකියි.මේ වනවිට පේරාදෙණිය මාතෘ රෝහලේ, සොයිසා කාන්තා රෝහලේ මෙය ක්‍රියාත්මකයි.
දීප ව්‍යාප්ත්ව එකෙනෙකාගේ ශ්‍රවණය පරීක්ෂ කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරෙන බව ද පැවසූ, වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය, මිනිස් කටහඩ භාවිත කරමින් පාසල දී,කාර්යාලයේ දී, නිවසේදී පෞද්ගලිකවම පරික්ෂා කළ හැකිය. කිසියම් ගැටළුවක් පවතී නම් පළපුරුදු උගුරු කණ නාසය පිළිබඳ වෛද්‍යවරයකු හමුවට ගොස් පරික්ෂා කරගත යුතු බවද පැවසී ය.

කොට්න් බට්න්, කන් හැඳි,ආය කටු වැනි දෑ කණට ඇතුළු කර කණ සුද්ද කිරීමෙන් වළකින ලෙස ද වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය පවසන අතර ඉන් කණට අනතුරු විය හැකි බවද පැවසී ය.

අලෙවිය සඳහා තිබෙන කර්ණ චූෂණ උපකරණ භාවිතා කිරීමෙන් වළකින ලෙස ද,පැවසූ වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය,ශ්‍රවණාබාධ ඇති කරන විවිධ රැකියා තිබෙන බවත්, ඒ රැකියාවල යෙදීමේ දී ශ්‍රවණ ආවරණ පැළැදිය යුතු බවත් පැවසුවාය.

මේ අවස්ථවට සහභාගී වූ විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරා මහතා සඳහන් කළේ, කණේ කලාඳුරු ඉවත් කිරීම අවශ්‍ය නොවන බවත් එය ස්වාභාවිකව සිදුවන බවත් යම් ලෙසකින් කලාදුරු ඉවත් නොවන්නේ නම් එය කණේ රෝගී තත්ත්වයක් නිසා සිදුවන බවත් එය පළපුරුදු උගුර,කණ, නාසය වෛද්‍යවරයකු ලව පරික්ෂ කරගත යුතු බවත් පැවසී ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.