කුමාර් ගුණරත්නම් වසරක් සිරගත කරයි!

kumar

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට අද දින අධිකරණය විසින් වසරක සිරදඬුවමක් සහ රුපියල් 50000ක දඩයක් නියම කරන ලදී. ඒ වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් දේශපාලන කටයුතුවල නිරත වීමේ චෝදනාවට වරදකරු කරමින් දෙන ලද තීන්දුවකට අනුව ය.

1988-89 වකවානුවේ ජ.වි.පෙ. දෙවැනි සන්නද්ධ අරගලය පසුභාගයේ මෙරටින් පළා ගිය කුමාර් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගත්තේ ය. ඒ නොයෙල් මුදලිගේ යන ව්‍යාජ නාමය භාවිත කරමිනි. පසුව 1994 සිට ජ.වි.පෙ. පාර්ලිමේන්තුවාදී දේශපාලන ව්‍යාපෘතිය සමඟ කටයුතු කරමින් එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කළේ ය. පසුව ඇති වූ මතවාදී විභේදනයකින් ඔහු විසින් ජ.වි.පෙ.ට වඩා වාම ස්ථාවරයක් පෙන්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිර්මාණය කළේ ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය දිගින් දිගට ම තම දේශපාලන මණ්ඩල සභිකයා නිදහස් කර ගැනීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ගවල නියැලුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කරනු ලැබීය. කෙසේ වෙතත්, දැන් කුමාර් ගුණරත්නම්ට සිරදඬුවම් නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ. උසාවියේ දී පසුගිය දා ප්‍රකාශයක් කරමින් කුමාර් කියා තිබුණේ ලොව කොතැනක සිටියත් තමන් අරගල කරන බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.