මාර්ස් චොක්ලට් සිද්ධිය සහ වෙළඳ ආචාරධර්ම!

Mars-chocolate-bar

ලෝක ප‍්‍රසිද්ධ මාර්ස් චොක්ලට් නිෂ්පාදන සමාගම විසින් රටවල් 55කට බෙදා හරින ලද තමන්ගේ නිෂ්පාදන ආපසු ගෙන්වා ගැනීමක් පසුගිය දා සිදු විය. ඊට හේතුව වූයේ එක් චොක්ලට් එකක තිබී ප්ලාස්ටික් කැබැල්ලක් හමු වීමයි. ජර්මනියේ එක්තරා පාරිභෝගිකයෙකුට රතු පැහැති ප්ලාස්ටික් කැබැල්ලක් මාර්ස් චොක්ලට් එකක තිබී හමු වීමෙන් පසු චොක්ලට් ලක්ෂ ගණනක් රටවල් 55කින් ආපසු කැඳවීම සිදු විය. මෙය එම සමාගමට ඩොලර් මිලියන ගණනක පාඩුවකි. එහෙත් ඔවුන්ගේ ව්‍යාපාරික ආචාර ධර්මය කෙරෙහි අප මෙහිදී ගරු කළ යුතුය.

මාර්ස් සමාගම පමණක් නොව බටහිර ලෝකයේ බොහෝ සමාගම් තමන්ගේ නිෂ්පාදනවල කිසියම් අඩුපාඩුවක් වාර්තා වූ සැනින් ආපසු සිය නිෂ්පාදන කැඳවීම සිදු කරයි. ඔවුන් අදාළ වැරැද්ද පිළිබඳ පරීක්ෂණ පවත්වන්නේ පසුවයි. මෙය ඔවුන්ගේ ආචාර ධාර්මික පසුබිම හෙළිදරව් කරන්නකි. ලංකාවේ අපි ලෝකයේ සියල්ලන්ට වඩා උසස් යැයි නිරන්තරයෙන් කියා ගන්නෙමු. අපි තරම් ශිෂ්ට සම්පන්න ජාතියක් නැතැයි කියන්නෝ මේ දිවයිනේ බොහෝය. එහෙත් ලංකාවේ ආහාර පාන කර්මාන්තය ගතහොත් මෙවැනි සිද්ධි එදා මෙදා තුර කොතරම් නම් වාර්තා වී ඇද්ද? ඇතැම් ආහාර පානවල කැරපොත්තන්, හූනන්, හූනන්ගේ වළිඟ, බීඩි කොට, නූල් කැබලි, අශූචි, බ්ලේඞ් තල ආදී නොයෙකුත් දෑ හමු වූ බවට වාර්තා දකින්නට අසන්නට ලැබේ. ලංකාවේ එවැනි සිද්ධියක දී තමන්ගේ ආහාර නිෂ්පාදන ආපසු කැඳවූයේ කුමන සමාගම ද? ප‍්‍රසිද්ධියේ සමාව ගත්තේ කුමන සමාගම ද? නැත්නම් කුමන කර්මාන්තකරුවා ද?

මේ ආකාරයේ සිද්ධියක් වූ සැනින් ලංකාවේ නම් බහුතරයක් කරන්නේ වැඩේ ෂේප් කර ගැනීමට ක‍්‍රමයක් සෙවීමයි. මුලින් ම අගතියට පත් වූ පුද්ගලයා සමඟ ඩීල් එකක් දැමීමට කටයුතු කිරීම සාමාන්‍ය ක‍්‍රමයක් වන අතර සිද්ධිය ප‍්‍රසිද්ධවීම වැළැක්වීම සඳහා ගත යුතු සෑම ක‍්‍රියාමාර්ගයක් ම පාහේ ගැනේ.

මෙහි අනිත් පැත්ත ද ඇතැම් විට සිදු වෙයි. අශුද්ධ ආහාර නිෂ්පාදනයක් හමු වීම ඇතැම් දෙනෙක් ඉල්ලමක් හමු වූවා හෝ ස්වීප් එකක් ඇදුනා සේ සලකන අවස්ථා ද දැක ගැනීමට ලැබී ඇත. එවැනි අවස්ථාවකට එක්තරා ලිපිකරුවෙක් මුහුණු දුන්නේය. එක්තරා පුද්ගලයෙක් ලිපිකරුවා වෙත පැමිණ අසවල් පැණිබීම ආයතනයේ දන්නා හඳුනන කෙනෙක් ඉන්නවා දැයි දිනක් ඇසීය. ඒ කුමකට දැයි එම පුද්ගලයාගෙන් ඇසූ ඔහු පැවසූවේ මට වැඩක් කර ගන්න තියෙනවායි යනුවෙනි. වැඬේ කුමක්දැයි ලිපිකරු ඇසූ විට ඔහු පැවසුවේ කැරපොත්තෙක් සහිත පැණි බීම බෝතලයක් ලැබී ඇති අතර එම සිද්ධිය ප‍්‍රසිද්ධ නොකිරීම සඳහා ඔවුන්ගෙන් මුදලක් ලබා ගැනීමට ක‍්‍රමයක් සොයා ගත යුතු බවයි. අදාළ අවස්ථාවේ දී ලිපිකරු ඔහුට කරුණු පහදා දී එවැනි දෑ ආචාර ධර්ම විරෝධී බවත් ඇතැම් විට නීති විරෝධී බවත් පැහැදිලි කර දෙන ලදී. මෙවැනි සිද්ධිවලින් පෙනී යන්නේ මේ දිවයින තුළ සමාජය ද ආයතනික පද්ධතිය ¥ෂිත වී ඇති බවයි. ආචාර ධර්මවලට ගරු නොකරන බවයි. ඉතිහාසය පිළිබඳ බොරු පුරාජේරු දෙසාබාමින් වර්තමානය කුහකත්වයෙන් ගත කරන බවයි.

මාර්ස් සමාගමේ ක‍්‍රියාකාරීත්වය තුළින් ඉගෙන ගත හැකි බොහෝ පාඩම් ඇත. ප්ලාස්ටික් කැබැල්ල හමු වූයේ එක චොක්ලට් එකකයි. නමුත් අනෙක් ලක්ෂ ගණනක් චොක්ලට් කිසිදු ගැටලූවකින් තොරව තිබිය හැකිය. එහෙත් ඒ ලක්ෂ ගණන ම ආපසු ගෙන ඒම ආචාර ධර්මයයි. අප හඳුනා ගත යුතු ශිෂ්ටත්වයේ ලක්ෂණය මෙයයි. මාර්ස් යනු ලෝකයේ විශාලතම ආහාර නිෂ්පාදන සමාගමකි. ඒ යටතේ ලොව ප‍්‍රධාන පෙළේ වෙළෙඳනාම 29කට අයත් ආහාර නිෂ්පාදනය කෙරේ. පසුගිය වසරේ දී ලොව පුරා මාර්ස් නිෂ්පාදන අලෙවි කිරීමෙන් එම සමාගම ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 33,000කි. එහෙත් ඔවුහු තමන්ගෙන් සිදු වූ වරද පිළිගැනීමට තරම් නිහතාමානී වූහ.

ආහාරවල ආරක්ෂාව සම්බන්ධයෙන් බටහිර ලෝකය දෙන ආදර්ශය බෙහෙවින් ඇගයිය යුතුය. යුරෝපා සංගමය තුළ ආහාරවල පිරිසිදු භාවය රැුකීම සම්බන්ධයෙන් වෙනම නීතියක් ඇත. යුරෝපයේ ආහාරවල ආරක්ෂාව පරීක්ෂා කිරීමට වෙනම ආයතනයක් (European Food Safety Authority (EFSA) ද ඇත. ආහාර හැසිරවීම, සකස් කිරීම සහ ගබඩා කිරීම අංශවල දී මේ නීතිය ක‍්‍රියාත්මක වේ. උපරිම සනීපාරක්ෂාව තහවුරු වන ආකාරයෙන් නිරන්තරයෙන් පරීක්ෂණ සිදු කෙරේ. කිසියම් ආහාරයක් ඇසිරීමකින් තොරව අලෙවි කරන්නේ නම් ඊට අදාළ සියලූ රසායනික තොරතුරු සැපයීමට 2014 වසරේ දෙසැම්බර් 13 වැනි දින කි‍්‍රයාත්මක වන නීතියක් යුරෝපා සංගමයේ ක‍්‍රියාත්මක වෙයි.

ආහාර පිසින්නන් නිවැරදි පරිදි පිරිසිදු ව සිටින්නේ ද? අතපය, හිස ආදී ස්ථාන ආවරණය කර ගෙන සිටින්නේ ද? පිහි, භාජන, වෙනත් ඉවුම් පිහුම් උපකරණ පිරිසිදුව තැබෙන්නේ ද? ආදී වශයෙන් මෙම දියුණු රටවල පුළුල් පරීක්ෂාවක් සිදු කෙරේ. ආහාර හැසිරවීම සම්බන්ධයෙන් වෘත්තීයභාවයක් (Professional food handlers) මේ රටවල දී තිබිය යුතුය. මහා බි‍්‍රතාන්‍යයේ නීතිය අනුව එක් එක් ආහාර වර්ග පිසීම සඳහා වෙන වෙන ම ආම්පන්න භාවිත කළ යුතුය. නිදසුනක් ලෙස මස් මාංශ පිසීම සඳහා යොදා ගන්නා උපකරණ එළවළු වර්ග පිසීම සඳහා යොදා ගැනීම නීති විරෝධී වේ (different equipment (including chopping boards and knives) for raw meat/poultry and ready-to-eat food). අමුවෙන් ආහාරයට ගන්නා ආහාර වර්ග සෙසු ආහාරවලින් වෙන් කොට තැබීම ද නීතියකි. ශීතකරණ ආදියේ ගබඩා කිරීමේ දී මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු වේ. ආහාර පිසීමේ ක‍්‍රියාවලියේ විවිධ පියවර සිදු විය විවිධ ස්ථානවල දී ය. පිරිසිදු කිරීමේ උපකරණ ද එකිනෙකට වෙන් වෙන් වශයෙන් භාවිත කළ යුතුය.

යුරෝපයේ බොහෝ රටවල මහමඟ පොඩි පොඩි කෑම කඩ නැත. ඊට හේතුව නම් කිසියම් අයෙකු ආහාර නිෂ්පාදනයක යෙදෙන්නේ නම් සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් බොහෝ අනුමැතීන් සහ සහතික ලබා ගත යුතු වීමයි. එය එක්තරා අතකින් මනුෂ්‍යත්වයට කරන ගෞරවයකි. මක්නිසාද යත් මනුෂ්‍යයන් පරිභෝජනය කළ යුත්තේ සෞඛ්‍යයට තර්ජනයක් නොවන ආහාර වීමයි.

ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, ශ‍්‍රී ලංකාව වැනි අපේ කලාපයේ රටවල මෙවැනි ආහාර සම්බන්ධයෙන් මෙවැනි නීති ක‍්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. කුඩා මට්ටමේ ආහාර වෙළෙන්දාගේ සිට ඉහළ පෙළේ ආහාර සමාගම් දක්වා ආහාර සම්බන්ධ වෙළෙඳ ආචාර ධර්ම කෙරෙහි දක්වන්නේ ඉතා හොඳ ප‍්‍රතිචාරයක් නොවේ.

එහෙත් අපට අපේ රටවල් ගැන ආඩම්බරයට පත් විය හැක්කේ අතීතය පිළිබඳ පුරසාරම් දෙඞීමෙන් පමණක් නොවෙයි. එය කළ හැක්කේ වර්තමානයේ ද අප සැබවින් ම ශිෂ්ට සම්පන්න මිනිසුන් බව ප‍්‍රායෝගික ව ඔප්පු කිරීමෙනි.

දර්ශන අශෝක කුමාර

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *