මහින්දගේ මානසික තත්වය අයහපත් අතට!

mahinda-lose

හිටපු ජනාධිපතිවරයාගේ මානසික තත්වය අයහපත් අතට හැරී ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. අතිශය කේන්ද්‍රීය වූ මහත් විධායක බලයක් භුක්ති විඳි මහින්ද රාජපක්ෂ ඒවා සියල්ල අහිමිවීමෙන් මහත් ආතතියකට ලක් වූයේ බලය නැති වූ විගස ම ය. කෙසේ වෙතත්, මේ වන විට යෝෂිත රාජපක්ෂ සිදු කරනු ලැබූ මූල්‍ය අපරාධ ඔප්පු වෙනු ඇති බව සහ තාජුඩීන්ගේ ඝාතනයට නාමල් රාජපක්ෂ නුදුරේ ම අත්අඩංගුවට ගනු ඇති වීම යන කාරණා නිසා තවදුරටත් ඔහු මානසික කඩා වැටීමකට ලක් ව ඇතැ යි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

ආණ්ඩුව මේ වසරේ පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට ගෙන ඇති තීරණය විසින් අලුත් පක්ෂයක් ගොඩනැගීමේ සිහිනය ද බිඳී ගොස් ඇති නිසාවෙන් තත්වය තවත් බරපතල අතට හැරී ඇත.

මහින්ද රාජපක්ෂ විසින් මාධ්‍ය හමුවේ කරන ප්‍රකාශවල මහත් අභව්‍ය කාරණා ගැබ් වීමෙන් මේ මානසික අසමතුලිතතාව යන කරුණ සැබෑවක් බව ඔප්පු වෙයි. ඔහු වයසින් ද වයෝවෘද්ධභාවයට පත් ව ඇති නිසා මෙය තවත් ව්‍යාකූල ව ඇත. මේ තත්වය සමහන් කරගැනීම වෙනුවෙන් යෝෂිත රක්ෂිත බන්ධානාගාරගත ව සිටිය දී පවා දිය කෙළි සංවිධානය කළ ද එයින් තත්වය යහපත් අතට හැරී නැත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.