නාමල්ගේ හිතවතියට අත පිරෙන්න ගෙවලා!

Namal air

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ රැකියාවක නියුතු ව සිටි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ හිතවතියක් පසුගිය පාලන කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර රුපියල් ලක්ෂ 15ක දීමනාවක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

මෙසේ දීමනාවක් ගෙවන ලෙස එවක ජනපති ලේකම් ලලිත් වීරතුංග විසින් මේ දීමනාව අනුමත කරමින් යවන ලද ලිපියක් සොයා ගෙන අැති අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ වුවමනාව මත මේ දීමනාව වසර 03ක් ගෙවා ඇති බව හෙළිව තිබේ.

මේ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන්නට නියමිත බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි.

රටේ ජනතාවට අයත් මුදල් සම්පත් රාජපක්ෂලා තම අම්මාගේ අප්පාගේ බූදලය මෙන් පාවිච්චි කළ කාලය ඉකුත් ව බොහෝ දවසක් ගත වී නැත. ඒත් ඔවුන් වර්තමානයේ කතා කරන්නේ මියගොස් යළි ඉපදුණු අය මෙනි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.