පාර්ලිමේන්තුවට අවුරුදු ඩීල්කාරයන්ගේ සල්ලිවලින් ද?

year year

එළැඹෙන මෙරට ප්‍රධාන සංස්කෘතික උත්සවයක් වන සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්නට යන බව රීඩ් ශ්‍රී ලංකා පුවත් අංශය වෙත වාර්තා වෙයි. මේ අවුරුදු උත්සවයේ සංවිධාන කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල විසින් සිදුකරන බවත් රුපියල් මිලියන 10ක එනම් රුපියල් කෝටියකට ආසන්න මුදලක් මේ සඳහා ඇස්තමේන්තු කර ඇති බවත් දැනගන්නට ඇත.

මෙහි ඇති නරක ම තත්වය නම් ඇස්තමේන්තුගත මේ මුදල සොයාගන්නා ආකාරය යි. තොරතුරු වාර්තාවන පරිදි රුපියල් ලක්ෂ 70ක් පමණ දැනට එකතු කරගෙන ඇත. ඒවා විවිධ සමාගම්වලින් ලබා ගත් මුදල් බව තතුදත් ආරංචි මාර්ග තහවුරු කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැය කරන මේ මුදල් නිසා මෙකී සමාගම් මේ හරහා අයුතු ප්‍රයෝජන ලබා නොගතැ යි තහවුරු කරන්නේ කවරෙක් ද? අතිශය ස්වාධීන ආයතනයක් විය යුතු (එසේ නොවී තිබීම වෙන ම ප්‍රශ්නයකි) ව්‍යවස්ථාදායකය මෙලෙස සමගම්කරණය කිරීම යහපාලනයට තරම් නොවන්නකි.

අනෙක් අතට මේ මුදල් වියදම්කරන සමාගම් අතර දේශපාලන ඩීල්කාරයන්ගේ කලු සල්ලි නැතැ යි තහවුරුවක් ජනතාවට දෙන්නට මේ මහත්වරුන්ට හැකි දැ යි අපි ප්‍රශ්න කර සිටිමු.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.