පවිත්‍රා පත්තිනි දේවාලයට යයි!

pawithra

කාන්තා දිනය සමරන්නට හිටපු ආර්යාව ශිරන්ති සමඟ හිටපු ඇමැතිනි පවිත්‍රාදේවි වන්නිආරච්චි ද එක් වූ බවත්, බන්දුල ගුණවර්ධන වැනි අයත් ගොස් තිබූ බවත් දකින්නට ලැබුණි.

පවිත්‍රාදේවිය සහ පත්තින දේවිය අතර අවියෝජනීය සම්බන්ධයක් ඇත. දෙදෙනාගේ නම් පවා සමානය. දෙදෙනා ම සටන්කාමී ය.

පවිත්‍රාදේවිය යනු, සූරියකන්දේ දේවතාවිය ය. ඒත් සූරියකන්දේ ඝාතනයට ලක් වූවන් වෙනුවෙන් නම් ශත පහක දෙයක් කරන්නට සමත් වූයේ නැත. නමුත් ඇය නම් ඒ පිහිටෙන් බොහෝ දේවල් ලබා ගත්තා ය.

වැල යන අත්තට මැස්ස ගසන්නට පවිත්‍රාදේවිය හරි දක්ෂ බව කවුරුත් දනිති. පසුගිය වතාවේ ඇගේ පිනුම් රටම දුටු අතර මහින්ද ඉක්මනින් ම රජ කරවන බව ඇය කිව්වා ය. වෙල්ගමලාට, මහින්දානන්දලාට, ජොනීලාට, විමල්ලාට සේමා පවිත්‍රාලාට ද මහින්ද රාජපක්ෂ නැවත ගෙන ආ යුතු බව සහතික ය.

ගැහැනු සියගණන් දූෂණය කර පාටි දැමූ, ගැහැනු බිල්ලට ගැනීම විනෝදාංශය කරගත්, ගැහැනු තනිකර ස්වාමිවරුන් මරා දැමූ රජයක් ගෙන එන්නට පත්තිනි දේවිය උදවු කරනවා නම් ඇයටත් පිස්සු විය යුතු ය!

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.