විපරීත යුගයක අබබ්බ මහණුන්ගේ ගොබ්බ දෙසුම්!

pitiduwe

පිටිදූවේ සිරිධම්ම හෙවත් දැන් ඔහු හඳුන්වාගන්නා පරිදි සමන්තභද්‍ර (මෙය සම්මා සම්බුදුරජාණන්වහන්සේ හැඳින්වීමට යෙදෙන තවත් නමකි) මෙරට දේශපාලනය ගැන, බණ(?) දෙසුමක දී පසුගිය දා පවසා තිබේ.

ඔහුට මානසික අවුලක් තිබෙන බව මෙරට සබුද්ධික බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. බුදුන්වහන්සේ පවසා ඇති පරිදි, තම ශාසනය විනාශ වන්නේ බාහිර බලවේග නිසා නොව ශාසනයේ ම අභ්‍යන්තරය විසිනි. එය අද ඊයේ නොව, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ දිනයේ ම සුභද්‍ර නම් භික්ෂුව පැවසූ අභද්‍ර වචන වලින් පැහැදිලි විය. මේ පිටිදූවේ සිරිධම්ම නම් අභද්‍ර භික්ෂු වේශධාරියාගේ පැවැත්ම දෙස මඳක් බැලූ කළ සියල්ල පැහැදිලි ය.

තම උපන්දිනය දා සියලු මස් මාංශ සමඟින්, උපන්දින් කේක් ගෙඩි කපා එය සමරන බෞද්ධ භික්ෂූන් මෙරට වෙසෙත් ද? තම ධර්ම දේශනාව කරන්නට බෞද්ධ සාහිත්‍යයේ එන බුද්ධාසන වැනි ඒවා කෘත්‍රීම මැණික් ඔබ්බවා සාදාගෙන ඉන්නා බෞද්ධ භික්ෂූන් මෙහි වෙසෙද්ද?

මෙම කතාව හරහා යෝජනා කෙරෙන මූලික සත්‍යයක් ඇත. එනම් නවපරිභෝජනවාදයට අනුව බුදු දහම යාවත්කාලීන කළ යුතු බවට කෙරන යෝජනාවයි. මෙම භික්ෂු වේශධාරියා සිය ඇවතුම් පැවතුම් මගින් පෙන්වා සිටින්නේ එයයි. අනෙක් අතට බුදු දහමෙන් යෝජනා කෙරෙන සල්ලහුක ජීවන පැවැත්ම වෙනුවට මෙම අතිධාවනකාරී දිවි පෙවෙත යෝජනා කෙරෙයි.

මොහුගේ පහත් කතාව ඇසූ විට මේ සමාජය කොතරම් අන්ධානුකරණය වී ඇත් දැ යි සිතෙයි. මෙවැනි අධානග්‍රාහී අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන දුස්සීල මහනුන්ට එකත්පස්ව ඉන්නා මිනිසුන් ගැන පුදුම නොසිතා සිටිය නොහැකි ය.

මේ කතාව හරහා, දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණ ගර්හාවට ලක් කෙරෙයි. රජෙක් ලෙස ජීවත් නොවී, ගෙදරින් බත් එක ගෙනැවිත් කා ජනපති මන්දිරේ වැඩ කර යෑම මොහුට අනුව පහත් වැඩකි. ඕස්ට්‍රේලියාව වැනි රටක අගමැතිවරයෙකුගේ ජීවන විලාසිතාව අධ්‍යයනය කළහොත් මොහුට විසඥව යනු ඇත.

මෙම චීවරධාරියා ග්‍රාමසේවකවරයෙක් රජ වී ඇතැ යි විස්සෝපව බෑඟිරි නඟයි. ඔහු රජෙක් ඉල්ලා සිටියි. වායුසමනය කළ, අඟල් 50-60 රූපවාහිනි සවි කළ වැසිකිළි භාවිතා කරන රජෙක් ඉල්ලන මේ වැඩවසම් මානසිකත්වය ඔහුගේ මානසික ව්‍යාකූලතාවයේ ම අංගයක් විනා අන් යමක් නොවේ. ප්‍රශ්නය ඇත්තේ, කෂඩ මාධ්‍යයන්හි මෙවැනි මානසික අබාධයන් සහිත වූවන්ට ඉඩ ලබා දීමෙහි දී ය. කිසිදු විචාරශීලිත්වයකින් තොර ව අනුව කියන, පසුපස යන ජන පිරිසක් තවමත් රටේ සිටිනා බැවිනි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *