“උද්ඝෝෂණ, රැස්වීම් තිබ්බට සුදු වෑන් එවන්නේ නැහැ!”

President-Maithripala-Sirisena6

මෙම ප්‍රකාශය ඉකුත් දිනයක මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් කරන ලද්දකි.

දැන් දැන් කොළඹ නගරයේ උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් පැවැත්වෙන බවත් ඒවාට පහර දෙන්නේවත් ඒවා සංවිධානය කරන නායක කාරකාදීන්ගේ ගෙවල්වලට සුදු වෑන් එන්නේවත් නැති බව ජනපතිවරයා තවදුරටත් පවසා සිටියේ ය. ඒ සියලු දේවල් කරන්නට නිදහස සහිතව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර තිබුණත් නියමිත කාලයට පෙර ආණ්ඩුව පෙරළීමට නොහැකි බවත් එය කළ හැකි නම් කළ හැකි වන්නේ, නියමිත කාලයට එළැඹෙන මැතිවරණයකින් බවත් ජනපතිවරයා තද ස්වරයකින් පැවසුවේ ය.

කිසිදා කුමන්ත්‍රණ හරහා බලය ලබා ගන්නට කිසිකෙනෙක්ට ඉඩක් නැති බව ඒ කතාවේ දී ජනපතිවරයා පැවැසුවේ ය. එහි ඇත්තක් තිබේ, මහින්ද රාජපක්ෂ රෙජිමය පළවා හරිනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදීව වන අතර මේ ආණ්ඩුව තවමත් එයට සහය දුන් ජනයාගේ බලාපොරොත්තු ඉටු කරන තැනක නැති බවත් ඒ හා සමාන ම ඇත්තකි. කෙසේ නමුත් ආණ්ඩු වෙනසක් පාරවල් ගානේ අරක්කු පොව මිනිසුන් ගෙනැවිත් රැස්වීම් තිබ්බාට කළ නොහැකි අතර එය සිදු විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.