පුරවැසි බලයෙන් රජයට රතු එළි!

wiyangoda

“පුරවැසි බලය” සංවිධානය යනු මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා යහපාලනය නමින් හැඳින්වෙන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොහෝ මහන්සි වී වැඩ කළ සිවිල් ජනතා එකමුතුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආණ්ඩු පෙරලි සංක්‍රාන්ති කාලයේ මෙම සිවිල් පුරවැසි එකතුවකින් සැදි සංවිධානය තම අදහස කියමින් රැස්වීම් තබමින් රටේ සෑම තැනක ම පාහේ ගියෝ ය.

කෙසේ වෙතත්, රටේ වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වන්නට මාධ්‍ය හමුවක් කැඳවූ පුරවැසි බලය සංවිධානය ආණ්ඩුවට එල්ල කරනු ලැබුවේ විවේචන ගණනාවකි. එහි දී ලේඛක සමාජ ක්‍රියාකාරී ගාමිණී වියන්ගොඩ ජනපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ වංචා දූෂණ සෙවීම පිලිබඳ ජනාධිපති කොමිසමේ ලැසිල් ද සිල්වා ඉවත් කළ හේතුව යි. එය ජනපතිවරයා රටට කිව යුතු බව හේ කීවේ ය. එසේ ම එහි දී අදහස් දැක් වූ ජෝශප් ස්ටාලින් වත්මන් උසස් අධ්‍යාපන ඇමැතිවරයාගේ හැසිරීම බරපතල ලෙස විවේචනය කර සිටියේ ය. එම සංවිධානය කියා සිටියේ තමන් ආණ්ඩුව ගොඩ නැගීමට මැදිහත් වුවත් “ගණනක් සටහන් නොකළ චෙක් පතක් ඕනෑ ම ගණනක් දමා ගැනීමට රජයට ලබා දී නැති” බව ය.

සිවිල් සංවිධානයක් ලෙස මහින්ද රජයේ නොපණත්කම්වලට එරෙහි ව කටයුතු කළ පුරවැසි බලය වත්මන් ආණ්ඩුව විෂයෙහි ද මෙලෙස කටයුතු කිරීම පැසසුම් කටයුතු ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.