රාජපක්ෂලාගේ පාරේ යන රණතුංගලා!

DRAR

වරාය සභාපති සේ ම වරාය අැමැතිගේ සොයුරු ධම්මික රණතුංග ඊයේ උසාවියේ දී මාධ්‍යවේදීන්ට මරණ තර්ජනය කරන අයුරු මුළු රට ම දැක්කේ ය. මේ වාහෙලා හිතා ඉන්නේ කවුරුන් කියා දැ යි අපට ප්‍රශ්නයක් ඇත. ගොබ්බයෙක් වන මේ ධම්මික රණතුංග, තම ඇමැති සොයුරාගේ හයිය මත දේශපාලනයෙන් වරාය සභාපති වූ අතර සිය ගොබ්බකම ඊයේ එලෙස රටට ම පෙන්වාලූයේ ය.

මේ සෝයුරු කැළ කෙසේ හෝ තම මඩිය තරකරගන්නට උපන් හපන්නු බව සිදුවීම් විසින් පෙන්වා දෙයි. මේ සිදුවීම ඊයේ සිදුවුණේ නිශාන්ත රණතුංගට ඇප ලබා ගැනීමට උසාවි ගිය අවස්ථාවේ දී ය. නිශාන්ත රණතුංග රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත්තේ බරපතල මූල්‍ය වංචාවලට සැකකරුවෙක් ලෙසින් ය.

ක්‍රිකට් නිලවරණයේ දී රණතුංගලා හැසිරුණ ආකාරය ක්ෂේත්‍රයේ සැවොම දනිති. නිශාන්ත රණතුංග ක්‍රීඩා සංගම් නිලධාරියෙකුට පහර දුන්නේ ය. ක්‍රිකට් නිලවරණයෙන් පැරදුණු පසු පළිගැනීම් කළේ ය.

අර්ජුන සිතා ඉන්නේ, මහින්ද එළවා දමන්නට ඉදිරියට ආ 62 ලක්ෂයක් ජනතාවට වඩා තමා බලවත් බව ද?

මෙවැනි තුච්ඡ හැසිරීම් දරන්නන් කරළියට එන්නේ, ජනතා බලය මතිනි. තවමත් මෙරට ජනතාව පාලකයන් පත් කරන්නට සුදුසුකම් ලැබූවන් නොවන බව මෙයින් පෙනී යයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *